නිලධාරීන් දහස් ගණනක් උසස් වීම් අපෙක්ෂාවෙන් සිටි. එසේම, තවත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් තිස්දහසක් පමණ 2019 ජනවාරි 01 දින සිට ස්ථාන මාරු අපෙක්ෂාවෙන් සිටි. ස්ථාන මාරු ලැබ තම නව සේවා ස්ථානවලට යාමට නියමිත අයගෙන් බහුතරයක් තම ගම් ප්‍රදේශ කරා යාමට දහසකුත් බලා පොරොත්තු ඇතිව සිටින පිරිසකි. එම නිලධාරින් තම දුවා දරුවන් ස්ථාන මාරු ප්‍රදේශ ආසන්නයේ පාසල්වලට ඇතුලත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.
මෛත්‍රි සිය පෞද්ගලික න්‍යාය පත්‍රයක් ජය ගැනීම උදෙසා පසුගිය ඔක්තොම්බර් 26 දින අස්ථාවර කරන ලද රට නැවත ස්ථාවර වන තුරු සමස්ත රාජ්‍ය සේවයම අකර්මන්‍ය වී ඇත. ඒ අනුව, ඉහතින් පෙන්වා දුන් සියළුම ස්ථාන මාරුවීම් හා උසස්වීම් දින නියමයක් නොමැතිව කල්ගත වෙමින් පවති.
අත්‍යාවශ්‍යය සේවා සපයන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල සැලසුම් කළ කටයුතු ක්‍රියාත්මක කිරිමට මුල්‍ය ප්‍රතිපාදන නොමැති වීම විශාල ගැටළුවකි. පහළ ශ්‍රේණිවල නිලධාරීන් දෛනික කටයුතුවලට මුදල් ඉල්ලා සිටින විට උසස් නිලධාරීන් අපහසුතාවයට පත්ව ඇත.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉහත සියළු දේ පිළිබඳව නිලධාරින් ප්‍රශ්න කර සිටින විට දිය හැකි එකම පිළිතුර වී ඇත්තේ හෙට අනිද්දාට බලමු යන්න පමණි. එවැනි පසු බිමක සමස්ථ රාජ්‍ය සේවයම කම්මුතු කිරිමට මෛත්‍රි-මහින්ද එක්ව කටයුතු කර ඇත.
No comments:
Post a Comment