රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව අමෙරිකාවේ සෙනෙට් සභිකයෙකු වන ක්‍රිස් වැන් හොලන් මහතා පවසනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා සිටින්නේ පත් කල අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග 2 කින් පරාජයවීම පිළිගන්නා ලෙසටයි.
ව්‍යවස්ථාවට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසටද මේරිලන්ඩ් ප්‍රාන්ත සෙනෙට් සභික ක්‍රිස් වැන් හොලන් මහතා ඉල්ලීමක් කරනවා.
2015 වසරෙන් පසු අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වූ බවයි ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව පොරොන්දු වූ පරිදි සංහිඳියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ලෙසටද සෙනට් සභිකයා දැනුම් දෙනවා. කෙසේවෙතත් ගතවූ සති කිහිපය තුළ ජනාධිපතිවරයා ගත් තීන්දු හමුවේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල වී ඇති බවයි ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරන්නේ.
බලයේ සිටි අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහ කිරීම / පාර්ලිමේන්තුව කල් තැබීම / හදිසි මහ මැතිවරණයක් කැඳවීම සහ විශ්වාස භංග ප්‍රථීඵලය පිළිනොගැනීම වැනි කරුණු දෙරට අතර සබඳතාවලට බලපෑමක් වනු ඇති බවයි මේරිලන්ඩ් සෙනට් සභිකයා අවධාරණය කරන්නේ.
එම ලිපිය පහළින්
No comments:
Post a Comment