ජනපති සිරිසේන හා මහින්ද පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායම් දෙක මේ වන විට එකි නෙකාට එරෙහිව දොස් පවරා ගැනීමට යොමු වී තිබීම දේශපාලන විශ්ලේෂකයින් දකින්නේ ලබ්බේ තොයින් නැටිමක් ලෙසය.
ඊයේ දිනයේ දී ජනපතිවරයා හමුවු මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර හා ලසන්ත අලගියවන්න වැනි ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් ජනපතිගේ මූණටම සිය අප්‍රසාදය පල කර ඇත.
පොහොට්ටුවේ ප්‍රාදේශිය ක්‍රියාකාරීන් ශ්‍රීලනිප ඡන්ද පදනම ක්‍රමන්ත්‍රණකාරි ලෙස උදුරාගන්නට සැලසුම් කිරීම මේ අර්බුදය උත්සන්න වීමට හේතුව වී තිබේ. ජනපතිවරයා අනවශ්‍ය ප්‍රශ්න කෙරෙහි කාලය කා දැමිම තුළ නැති ගැටළු උග්‍ර වන බවත් රට පමණක් නොව ශ්‍රීලනිපය ද මේ වන විට මුළු මණින්ම කඩා වැටුණු බවත් මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දී තිබේ.
ඒ අනුව, කිසිදු ලෙසකින් මැතිවරණයකට නොයන ලෙස තම ස්ථාවරය බවද මන්ත්‍රි කණ්ඩායම ජනපතිවරයාට දන්වා ඇති අතර, පසුගියදා මහ මැතිවරණයක් පවත් වන්නට මැතිවරණ කොමිසමට නියෝග කර නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයද අවලංගු කරන ලෙස ඉල්ලා ඇත.
නමුත් මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සැබෑ ස්ථාවරත්වයද මැතිවරණයක් සඳහා ගමන් කිරීම කිසිසේත් මේ මොහොතේ නොකළ යුතු බවයි. නමුත් තමන් පත්ව ඇති ලැජ්ජා සහගත තත්ත්වය හමුවේ ශ්‍රීලනීප මන්ත්‍රීන් හරහා ජනපතිගෙන් ඉල්ලා මැතිවරණය කල් දමා ගැනීමේ නිවට නියාළු ක්‍රියා පිළිවෙතක මේ මොහොතේ රාජපක්ෂ නියලී සිටි.
අද පාර්ලිමේන්තුව තුළ දී විපක්ෂය නැවත 121ක බහුතරය පෙන්වීමත් සමග මෛත්‍රි-මහින්ද ජුන්ටා රජය දැඩ් අර්බුදයකට පත්ව ඇත.
රාජ්‍ය බුද්ධි අංශ වාර්තා ද මෛත්‍රි-මහින්ද ජුන්ටා ආණ්ඩුව ජනතාව අතර පිළිගැනීමක් නොමැති බව පෙන්වා දී තිබුණි.
No comments:
Post a Comment