CID නිශාන්ත සිල්වාගේ මාරුව අවලංගුයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

CID නිශාන්ත සිල්වාගේ මාරුව අවලංගුයි

Share This

ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධරයකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා, පසුගිය 18 වැනි දා හදිසියේම මාරුකර යැවීමට සූදානම් පැවතිණ. මේ තීරණය ගනු ලැබුවේ ඍජුවම ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීමෙන් බව අප වගකීමෙන් වාර්තා කරන්නේ, උක්ත රැස්වීමට අප සහෘදයකු ද වාඩි වූ බැවිනි. (රටේ නීතිය අමු අමුවේම උල්ලංඝණය කරමින් පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය විෂයයෙන් ගලවා ආරක්ෂක අමාත්‍යාංශයට යටතට ගත් නිසා දැන් හමුදාව පමණක් නොව පොලිසිය ද අයිති සිරිසේනට ය.) මින් ඔබ්බට විස්තරවන කරුණු සම්බන්ධව මෙම කාරණය ඍජුවම වැදගත් වන බැවින්, නිශාන්ත සිල්වාගේ මාරුව කරනු ලැබුවේ ජනපති සිරිසේන විසින් නීතිවිරෝධීව පොලිසිය පවරාගැනීමෙන් පසුව බව සිහිතබා ගැනීම වැදගත් ය.
පළමුවෙන්ම අපි නිශාන්ත සිල්වා දෙස හැරෙමු. යාපනයේදී අපයෝජනයට ලක්කර මරාදමන ලද සිවලොගනාදන් විද්‍යා දැරිය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවනු ලැබුවේ ඔහු බව පැවසු විට, ඔහු කවරෙක්දැයි ඔබ වටහාගනු ඇත. යාපන විනිසුරු ඉලන්චේලියන් මහතා ස්වකීය ඓතිහාසික නඩු තීන්දුව දෙමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැපවීම නිසා නොවන්නට මේ නඩුවේ යුක්තිය ඉටු නොවන බවකි. විශේෂයෙන්ම පරීක්ෂක නිශාන්ත සිල්වා පුද්ගලිකවම එකී ප්‍රදේශවලට සංචාරය කරමින්, අදාළ සාක්ෂි විමසමින් කරන ලද කැපවීම මෙහි ලා සටහන් කළ යුතුම ය.
ඊළඟට, මෑත කාලය තුළ ඔහු පරීක්ෂණ පැවැත්වූ නඩු මොනවාදැයි බලමු. ඔහුට ප්‍රධාන වශයෙන්ම පරීක්ෂණ 05ක් පැවරී තිබිණි. එනම්
  1. කප්පම් ගැනීම සඳහා දෙහිවලදී රජීව් රාගනාදන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය,
  2. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය,
  3. ද නේශන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම,
  4. මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම  සහ
  5. මාධ්‍යවේදී නාමල් පෙරේරා හට පහරදී වධහිංසා කිරීම
යන පරීක්ෂණ පහයි.

තරුණයන් පැහැරගැනීම

කෙසේවෙතත් මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් වූයේ පෙරකී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් නමැත්තාට රටින් පළායාම සඳහා එවකට නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ආධාර, අනුබල දී ඇති බව හෙළිදරව් වීමයි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය කිහිපවතාවක් ම නියෝග නිකුත් කළ ද ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොතිබුණේ ඔහුට රටේ ඉහළම තැනින් දේශපාලන රැකවරණ සැළසුණු නිසා බව ද ප්‍රසිද්ධ කරුණක් විය. මෙම තරුනයන් පැහැර ගැනුනේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් කාල වකවානුව වූ 2008 – 2009 වසරවල ය. කස්තුරිආරච්චිලාගේ ජෝන් රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්ව නාදන්, මොහොමඞ් සාජිත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන්, අමලන් ලියොන්, රොෂාන් ලියොන්, ඇන්ටනී කස්තුරිආරච්චි, කනගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් එලෙස පැහර ගෙන ගොස් අතුරුදහන් කල පාසල් සිසුන් හා තරුනයෝ ය.

විජේගුණරත්න බේරන සිරිසේන

හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික අධිසහායක ලුතිනන් කොමදෝරු සම්පත් මුනසිංහ සහ ලුතිනන් කොමදෝරු වරුන් වන චන්දන හෙට්ටිආරච්චි හා සුමිත් රනසිංහ ඇතුලු නාවික හමුදා නිලධාරීන් සහ සෙබලුන් දසදෙනෙකුට මෙම පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම ගැන චෝදනා එල්ල වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චන්දන හෙට්ටිආරච්චිට තවත් චෝදනාවක් එල්ල වී ඇත. හිටපු නාවික හමුදාපති, ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න හට තරුනයන් පැහැරගෙනයාම ගැන චෝදනාවක් එල්ල වී නැති බවත්, ඔහුට ඇත්තේ සැකකරුවෙකුට රටින් පැනයාමට උදව් කිරීමේ චෝදනාවක් පමනක් බවත් සඳහන් කරමින් ජනාධිපති සිරිසේන කැබිනට් රැස්වීමේ දී ආරක්ෂක මන්ඩල ප්‍රධානියාට අද්වකාත්කමේ යෙදී ඇත. අපරාධයක් කල බවට සැක කෙරෙන පුද්ගලයෙකුට රැකවරන සැලසීම සහ රටින් පලායාමට උපකාර වීම බරපතල නෛතික වරදක් නමුත් සිරිසේනට එය සුලු දෙයකි.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන සැප්තැම්බර් 10 වෙනිදා විජේගුනරත්න උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි. එහෙත් එදින ම අලුයම ඔහු රටින් පිට ව ගොස් ඇත. විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුදැනුමකින් හා අනුබලයකින් තොරව එලෙස රටින් පිට විය නොහැකි බව අතුරුදහන් කෙරුනු තරුනයන් 11 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න 12 වෙනිදා කොලඹ මහේස්ත්‍රාත් අධිකනරයට ප්‍රකාශ කලා ය. ත්‍රිවිධ හමුදාවල ප්‍රධාන අනදෙන නිලධාරි වන ජනාධිපති ද ආරක්ෂක මන්ඩල ප්‍රධානියා රටින් පිටව යන බව පිලිබඳව නොදැන සිටිය නොහැක. සිරිසේනගේ මැදිහත්වීම මධ්‍යයේ රහස් පොලීසිය ඊට පසු සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද්මිරාල් විජේගුනරත්න අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොවු බවත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පමනක් බලාපොරොත්තු වූ බවත් ය.

නිශාන්ත සිල්වා මීගමුවට

පරීක්ෂක නිශාන්ත සිල්වා 18 වැනි දා සිය ධුරයෙන් පහකරන්නේ මෙවැනි තත්ත්වයක් යටතේදී ය. ඔහුට 19 වැනි දා සිට මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරිවල නිරතවීමට නියෝග දී තිබිණි. (මීගමුව යනු හිටපු ජනපති රාජපක්ෂගේ සුරතලා වූ නිමල් ලාංසා හෙවත් “කුඩු ලාංසා”ගේ වාසභවනය බව ද සිහිපත් කරමු.) අප නැවත වරක් අවධාරණය කරන්නේ, මෙම මාරුවීම සිදුකරන්නේ ඍජුවම ජනපති පොලිසිය පවරාගැනීමෙන් පසුව බවයි. වර්තමාන ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිට පවරාගත හැකි අමාත්‍යංශ ගණන 03කට සීමා කර තිබියදී, එය තුට්ටුවකට මායිම් නොකර පොලිසිය ද පවරාගෙන සිටින සිරිසේන හට, මෙසේ අත්තනෝමතිකව නිලධාරීන් මාරුකිරීමට කිසිදු අයිතියක් නැත. මන්දයත් දැන් ලංකාවේ ස්වාධීන පොලිස් කොමිසම කියා දෙයක් තිබෙන බැවිනි. පොලිස් මාරු සියල්ල මෙම ස්වාධීන පොලිස් කොමිසමෙන් අනුමත විය යුතු ය. පොලිස් කොමිසමෙන් නොවිමසා ජනපතිට අඩුවශයෙන් ට්‍රැෆික් පොලිස් නිලධාරයකුවත් මාරුකර යැවිය නොහැකි ය. එසේ තිබියදී මෙම මාරුව සිදුකිරීම අමු අමුවේම රටේ නීතිය උල්ලංඝණය කිරීමකි.
කෙසේ වෙතත් නිශාන්ත සිල්වා මහතා සිය ස්ථාන මාරුවට එරෙහිව ජාතික පොලිස් කොමිෂමට ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,  පොලිස්පති පූජිත් ජයසුන්දර තමා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව ඔහු විසින්ම තාවකාලිකව අත්හිටුවා ඇත. නැවත නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් “තාවකාලිකව” වත් හිතුමතේ පොලිස් මාරුවීම් දෙන්න හැකියාවක් දැන් ලංකාවේ නැති බවයි.

වඩාත්ම හාස්‍යජනක මෙන්ම එක අතකට භයානක කාරණය වන්නේ, මෙම මාරුවීමට හේතුපාදක වූ පැමිණිල්ල ගොනුකර ඇත්තේ හිටපු නාවික හමුදාපති, ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විසින් වීමයි. රවීන්ද්‍ර යනු අප කලින් සඳහන් කළ සක්‍රිය පරීක්ෂණ පහෙන් පළමුවැන්න වන රජීව් රාගනාදන් ඇතුළු තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ නඩුවේ ප්‍රධාන සැකකරු වීමයි. මෙම රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ඊයේ  (19) ප්‍රකාශ කර තිබේ. එහෙත් අද මේ ලිපිය ලියන මොහොත වනවිටත් ඔහු අත්අඩංගුවට ගෙන නැත. ලංකා ඉතිහාසයේ කිසිම තැනක, විභාග වන පරීක්ෂණයක සැකකරුගේ පෙත්සමක් මත පරීක්ෂණය මෙහෙයවන නිලධරයා පැය 24න් මාරුකර යවා නැත. අඩුවශයෙන් මහින්ද රාජපක්ෂගේ පාලන තුළ වත් එවැන්නක් සිදු වී නැත. රවීන්ද්‍ර ගුණවර්ධනගේ පැමිණිල්ලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඔහුගේ පැමිණිල්ල සනාත කරන කිසිදු සාක්කියක් තමන්ට සොයාගත නොහැකි බවයි.

බොරු අතේ මාට්ටු කළ ලිපිය පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages