2018 අගොස්තු මස පවත් වන ලද උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කලින් සැලසුම් කළ ආකාරයට අද දිනය තුළ ලබා දිය යුතුය. නමුත් විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු වාර්තා කළේ අද (26) දින ප්‍රතිඵල නිකුත් කිරිමට නොහැකි බවත්, ඒ සඳහා තවත් දින තුනක් පමණ ගත වනු ඇති බවය.
මෑත කාලයේදී සියළුම විභාගයන්හි ප්‍රතිඵල නිශ්චිත ක්‍රම වේදයක් අනුව, නියමිත දිනට නිකුත් කිරිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය සියළුම පියවරයන් ගන්නා ලදී.
දින 50 හේ අගමැති මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා වැඩි දුරටත් කරුණු පැහැදිළි කරමින් කියා සිටියේය.
No comments:
Post a Comment