දෙසැම්බර් 30ට කලින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගන්න - අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස්ට දන්වයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

දෙසැම්බර් 30ට කලින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගන්න - අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස්ට දන්වයි

Share This

2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 26 දිනට ලබා දීමට සියල්ල සැලසුම් කර තිබුණද, ඔක්තොම්බර් 26 ආණ්ඩු පෙරළිය නිසා අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව තුළ සිදුවු යම් යම් වෙනස් කම් නිසා නියමිත පරිදි ප්‍රතිඵල නිකුත් කිරිමට අපොහොසත් වු බව විභාග දෙපාර්තමේන්තුවෙන් වාර්තාවේ.
කෙසේ වුවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතාට දැනුම් දී ඇත්තේ දෙසැම්බර් 30 දිනට පෙර ප්‍රතිඵල නිකුත් කිරිමට අදාල සියළු පියවර කඩිනමින් ගන්නා ලෙසය.
එසේම, ඉදිරියේදී පැවැත්වෙන සියළුම පාසල් විභාගයන්හි ප්‍රතිඵල නියමිත දිනයන්ට නිකුත් කිරිමට කටයුතු කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් විභාග කොමසාරිස්වරයාට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages