ජනපති-අගමැති මෙහෙයවීමෙන් තවත් කූට ලේඛනයක් - විළි ලැජ්ජයි සිරිසේන මහත්තයෝ - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපති-අගමැති මෙහෙයවීමෙන් තවත් කූට ලේඛනයක් - විළි ලැජ්ජයි සිරිසේන මහත්තයෝ

Share This


අද දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 117 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම උචිත බවත්, ඒ සඳහා පක්ෂපාති බවත් ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය භාවිත කරමින් තහවුරු කරන ලදී.

මේ තීරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට විළි ලැජ්ජාව මකා ගන්නට ක්‍රමයක් නොවීය.

ඒ සඳහා උපක්‍රමයක් කල්පනා කරමින් සිටි ඊනියා දේශමාමක මෛත්‍රි හා මහින්ද, රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇඟේ නැවත කොටි ලේබලය ඇලවීමට දරණ ලද පහත් උත්සහයක් මේ වන විට අනාවරණය වෙමින් පවති.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක  ආර්. සම්බන්ධන් අතර අද දින ගිවිසුමක් අත්සන් කර ඇති බවට මාධ්‍ය හරහා ඉතා පුළුල් ප්‍රචාරණයක් ලබා දෙන ලදී. සුපුරුදු පරිදි මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නලා කාරයින් ලෙස පෙනි සිටිමින් මහින්ද-මෛත්‍රි සංස්කරණයෙන් සකසන ලද කූට ගිවිසුමට ඉහළ මාධ්‍ය ආවරණයක් ලබා දෙන ලදී.

මහින්ද-මෛත්‍රි හා ඔවුන්ගේ ගෝල බාලයින් රස කරමින් තළු මරමින්, පතුරුවන ලද හොර ගිවිසුමේ ඇත්ත නැත්ත පිළිබඳව අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා ආර්. සම්බන්ධන් මහතාගෙන් සෘජුවම විමසුවෙමු.

රනිල් වික්‍රමසිංහ මහතා

ආර්. සම්බන්ධන් මහතා සහ මා අතර කිසිඳු ගිවිසුමක් අත්සන් කළේ නැත. මම හා සම්බන්ධන් මහතා අත්සන් කළැයි කියන ගිවිසුම සිංහළ එකකි. එහි ආර්. සම්බන්ධන් මහතා අත්සන් කර ඇත. කෙදිනකවත් ආර්. සම්බන්ධන් සිංහල ලිපියක අත්සන් නොකරයි. එසේම, මම කෙදිනකවත් සිංහල ලිපියක ඉංග්‍රිසියෙන් අත්සන් කරන්නේ නැත. මෙය පරාජය දරා ගන්න බැරුව පාලකයන් සකසන ලද තවත් ප්‍රෝඩාකාරී ලිපියක්

ආර්. සම්බන්ධන් මහතා

“මේක සම්පූර්ණයෙන්ම දකුණේ සිංහල ජනතාව මුලා කරන්නට ජාතිවාදි අතලොස්සක් වු පිරිසක් විසින් සකසන ලද කූට ලේඛනයකි. මම කෙදිනකවත් සිංහල ලිපියකට අත්සන් කරන්නේ නැත. ඒ මට සිංහල කියවන්නට බැරි නිසාය. ඉංග්‍රිසි හා දෙමළ ලිපිවල පමණක් අත්සන් කිරීම මාගේ සිරිතයි”

රනිල් වික්‍රමසිංහ මැතිතුමණි, ආර්. සම්බන්ධන් මැතිතුමණි ඔබ දෙදෙනා ගිවිසුම් ගත වුයේ නැති නම් වහාම නීතිමය පියවර ගන්න.

මාධ්‍ය ආයතන වෙත

සිරිසේන ජනපති ව්‍යවස්ථා විරෝධි ක්‍රමන්ත්‍රණය ආරම්භ කරන්නේම කූට ලේඛන හා කූට හඬ පට උපයෝගි කරගෙනය. මේ රටේ වහල් ජනතාව හා වහල් මාධ්‍ය ආයතන හා වහල් මාධ්‍යවේදීන් ඉතා පහත් ලෙස මාධ්‍ය ආයතන හසුරුවමින් ජනතාවගේ ඇසට වැලි ගසමින් සිය බල ව්‍යාප්තිය කෙසේ හෝ ජයගන්නට වෙර දරමින් සිටී. රටක ජනතාවට ඇත්ත පැවසීම සැබෑ මාධ්‍යය භාවිතයේ වගකීමයි.

නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිට ගන්නේ කුපාඩි, තක්කඩි, තුච්ඡ පාලකයින් රකින්නටය. විළි ලැජ්ජයි මාධ්‍ය සගයනි. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් ද මේ දුක” යන කියමන ශ්‍රී ලංකාවේ මාධ්‍ය  මාධ්‍යවේදීන් හා පාලකයින්ට හොදටම ගැළපේ.

 සියල්ල සිදුවන්නේ කූට ලේඛන අනුව හා ඒවා ප්‍රචාරණය කරන මාධ්‍ය ආයතන වලට අවශ්‍ය ලෙස නම්, මේ රටේ ජනතාව මාධ්‍ය ආයතන වටලන දිනය ද එතරම් වැඩි ඈතක නොවේ.


No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages