පසුගිය දින දෙක තුන තුළ ශ්‍රීලනිපයේ හා පොහොට්ටුවේ ජනපති අපෙක්ෂකයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන නම් කිරීමට ජනපති උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා ප්‍රමුඛ මලිත් ජයතිලක උත්සහ ගන්නා බව මාධ්‍ය හරහා අනාවරණය විය.
ශිරාල් ලක්තිලක හා මලිත් ජයතිලක ශ්‍රීලනිපය වෙනුවෙන් එම සාකච්ඡා සඳහා සහභාගී වන බවත්, මහින්ද රාජපක්ෂ හෙවත් පොහොට්ටුව පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂ ඒ සඳහා සහභාගි වන බවත් වැඩි දුරටත් වාර්තා විය.
බැසිල් රාජපක්ෂගේ කනට මේ පුවත සැලවු වහාම ප්‍රථමයෙන්ම බැසිල් අමතා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂට 2025 දී ජනාධිපති අපේක්ෂක සඳහා පාර කපන බව ද බැසිල් දනී. මේ සියල්ල තම සිතේ තබාගෙන තරමක් කෝපයෙන් බැසිල් කථා කළ විට මහින්ද කියා ඇත්තේ ජනපති අපේක්ෂකයා කව්ද යන්න අපි දෙදෙනා එකතු වී තීරණය කරමු යන්න පමණකි.
අනතුරුව ශිරල් ලක්තිලකට කථා කළ බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ, ශිරාල් 2019 ජනපති අපේක්ෂකයා මමයි හිටපු ජනපතියි තීරණය කරන්නම් ඔයාලා පැත්තකට උනොත් හොදයි කියාය. දුරකථනය තැබූ බැසිල් නැවතත් ශිරාල් අමතා මේ කථාව මලිත් ජයතිලකට ද කියන්න යැයි කී බව ජනපති කාර්යාලය ද වාර්තා කරයි.
ඒ අනුව, මහින්දට හිතුන පලියට පොහොට්ටුවේ ඡන්ද ටික සිරිසේන ජනපතිට ලබා දී ඔහු ජනපති කරවීමට පොහොට්ටුව ගොඩනැගු බැසිල් ඉඩ නොතබන බව මෙයින් පැහැදිළිය.
බැසිල්ගේ කථාවෙන් ඝෝඨාභයට ද ජනපති අපේක්ෂකයා වීමේ සිහිනය අහිමි වන බව පෙනේ.
ඒ අනුව ජනාධිපතිවරණය කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා කව්රුන්දැයි නම් කිරිමට ශ්‍රීලනිපයට හා පොහොට්ටුවට තවත් සැහෙන තරම් කාලයක් හා අර්බුද ගනනාවකට මුහුණ දීමට සිදුවන බව නම් ඉතා පැහැදිළිය.
No comments:
Post a Comment