ආර්ථික පරිහානියෙන් රට ගොඩගන්න රනිල්ගෙන් ක්ෂණික මෙහෙයුමක් - යුරෝපා සංචාරය ජනවාරියේ - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ආර්ථික පරිහානියෙන් රට ගොඩගන්න රනිල්ගෙන් ක්ෂණික මෙහෙයුමක් - යුරෝපා සංචාරය ජනවාරියේ

Share This

වසර තුන හමාරක් පමණ කාලයක් රට කිසියම් මට්ටමකට ආර්ථික හා දේශපාලන ලෙස ස්ථාවර වෙමින් පැවති අවස්ථාවක නැවතත් රට දේශපාලනික හා ආර්ථික අතින් අස්ථාවර කිරීමට මහින්ද රාජපක්ෂ කළ කුමන්ත්‍රණයේ පළමු අදියර හමාර කර ඇත.
එසේ වුවත්, මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ දෙවැනි අදියර කළ යුත්තේ තිරසාර ආර්ථික සංවර්ධනයකට පදනම සැකසීම හා ඒ හරහා ජනතාවට සහන ලබාදීම තුළින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ඒ අනුව, මේ වන විට අහිමිව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතනවලත්, විශේෂයෙන් යුරෝපීය රටවල් විසින් ලබාදීමට නියමිත ආධාර හා ණය මුදල් ඉතා ඉක්මණින් නැවත ලබා ගැනීමේ ක්ෂණික මෙහෙයුමක් අග්‍රාමාත්‍යවරයාගේ ම සෘජු මැදිහත්විමෙන් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර ඇත. 2019 ජනවාරි මුල් සතියේම අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරය තුළ මේ මෙහෙයුම දියත් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තාවේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මේ වන විටත් ආරම්භව ඇත. විශේෂයෙන් බටහිර රටවල් මේ අවස්ථාවේ නත්තල් සැමරීමට අවධානය යොමු වී තිබීම  නිසා අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරය ජනවාරියට සැලසුම් කර ඇත.
සිය යුරෝපා සංචාරයේදී, දෙසැම්බර් 17 වැනි දිනට ඇමෙරිකාවෙන් ලබාදීමට තීරණය කර තිබූ එම්.සී.සී. (millennium challenge corporation) යටතේ ප්‍රවාහන හා ඉඩම් ප්‍රතිස්ථාපනයට අදාළ ණය මුදල වූ ඩොලර් මිලියන 480ක මුදල යළි ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත ය.

ඊට අමතරව අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ලබාදීමට 2016දී අනුමත කළ ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ සතර වැනි වාරිකයද මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නවතා දැමීම නිසා ඊට අදාළ ඩොලර් මිලියන 250 යළි ලබා ගැනීමට සාකච්ඡා කිරීමටද මෙම සංචාරයේදී කටයුතු සැලසුම් කර ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරයෙන් පසුව 2019 වර්ෂය සඳහා වු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩි දුරටත් අනාවරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages