උද්ගතව ඇති අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින් අපේක්ෂා භංගත්වයට මෛත්‍රි-මහින්ද ඇති කළ ව්‍යවස්ථා අර්බුදය සෘජුවම බලපාන අංශයක් ලෙස මෙරට පුරවැසියන් දාහතර ලක්ෂයකට අධික පිරිසකින් සැදුම්ලත් රාජ්‍ය සේවය පෙන්වා දිය හැක.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය යන සෑම අංශයක්ම ඉබි ගමනක නිරතව සිටින බව පැහැදිළිය. 2018 වර්ෂයේ අවසාන කාර්තුව සඳහා අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන රැසක කාර්යයසාධනයක් නොමැති තත්ත්වයකට පත්ව ඇත. සේවකයින්, නිලධාරීන් අපේක්ෂා රහිතව උකටලීව කටයුතු කරයි.
එය රාජ්‍ය නිලධාරීන්ගේ හෝ සේවකයින්ගේ වරදක් නොව ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර, රට අරාජික කළ කුජිත මෛත්‍රි-මහින්ද හවුලේ නිවට නියාලු ක්‍රියාවක ප්රතිඵලයකි
මේ වන විට 2019 වර්ෂය සඳහා කිසිදු සුභවාදි දැක්මක් හෝ ආකල්පයක් රාජ්‍ය සේවය තුළ දැකිය නොහැකි බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අප සමග පැවසීය.
No comments:
Post a Comment