සංහිඳියාව හා සහජීවනය අනතුරේ - සංහිඳියා කාර්යාලයේ පළපුරුදු කාර්යයමණ්ඩලය ඉවත් කරලා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

සංහිඳියාව හා සහජීවනය අනතුරේ - සංහිඳියා කාර්යාලයේ පළපුරුදු කාර්යයමණ්ඩලය ඉවත් කරලා

Share This

සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධිකරණ ලේකම් කාර්යාලයේ පළපුරුදු අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීන්ගේ සේවා කාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අහොසි කර ඇති බව වාර්තාවේ.

අමාත්‍යාංශ, සිවිල් සමාජය, ආරක්ෂ අංශ සහ ජාත්‍යන්තර ආයතන අතර මනා සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ මට්ටමකට ඔසවා තැබිමට සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධිකරණ ලේකම් කාර්යාලය සුවිශේෂ කාර්යයක් ඉටු කරණු ලැබිය.

2020 මාර්තු 31 දින දක්වා සංහිඳියා කාර්යාලය පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබි ඇත. සංහිඳියා කාර්යාලයට සියළුම නිලධාරීන් බඳවාගෙන ඇත්තේ රජයේ පිළිගත් බඳවා ගැනීමේ පරිපාටි අනුගමනය කරමින්, ක්ෂේත්‍රයේ නිපුන අය පමණි. අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධව සංහිඳියා කාර්යාලය ක්‍රියාත්මකවේ.

නොවැම්බර් 30 දින ඉවත් කර ඇත්තේ ඉහත පරිදි බඳවා ගත් අධ්‍යක්ෂ මණ්ඩයේ හා කාර්යාලයීය නිලධාරින් පිරිසකි. සංහිඳියා කාර්යාලයේ පරිපාලන ප්‍රධානි ලෙස පැමිණි බුද්ධසාසන අමාත්‍යාංශයේ ලේකමිවරියක ලෙසත්, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඇමති ලෙස කටයුතු කළ අවධියේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසත් කටයුතු කළ හේමා ධර්මවර්ධන නැමැත්තිය සංහිඳියා කාර්යාලය අඩාල කිරිමේ ප්‍රබලම චරිතය බව වාර්තාවේ.

එසේම ඊබ්‍රාහිම් අන්සාර් නැමැති එක් අවස්ථාවකදී මලයාසියාවේ දී පහර කැමට ලක්වු, සංහිඳියා කාර්යාලයේම නිලධාරියකු ද මේ ක්‍රියාවලිය පිටු පස ඇති බව අනාවරණය වන අතර, අගමැති මහින්දගේ ගෝලයින් පිරිසක් සංහිඳියා කාර්යාලයට බඳවාගෙන ඇතැයි ද පැවසේ.

හදිසියේම තමන් සංහිඳියා කාර්යාලයෙන් ඉවත් කිරීම සම්බන්ධව ජනපති ලේකම්ට දැන්වු පසුව, ජනපති පවසා ඇත්තේ මොන සංහිඳියාවක් ද ඕයි... ඒක අගමැති බලා ගනියි යනුවෙන් බවද වැඩිදුරටත් වාර්තාවේ.

ඒ අනුව, ඔක්තොම්බර් 26 ඇති කළ අර්බුදයේ තවත් ප්‍රතිඵලයක් ලෙස සංහිඳියාව හා සහජීවනයද වලපල්ලට යවා ඇති බව පැහැදිළිය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages