අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එම අතුරු තහනම් නියෝගය බලාත්මක වීම නොනවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවන තුරු එම නියෝගය ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට සිය ධූර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එතුමා මෙම අදහස් ප්‍රකාශ කරන්නේ ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් එම පණිවිඩය පහළින්
එතුමා මෙම අදහස් ප්‍රකාශ කරන්නේ ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් එම පණිවිඩය පහළින්
අභියාචනාධිකරණයේ අතුරු නියෝගය කට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් එය බලාත්මක වීම නවතින්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අත්හිටවන තුරු එය වලංගුව පවතී— Saliya Pieris (@saliyapieris) December 3, 2018
No comments:
Post a Comment