එ.ජා.ප රජයේ ආර්ථික කළමණාකරන ප්‍රයත්නය සාර්ථකද? මධ්‍යස්ත විමසුමක්.. - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

එ.ජා.ප රජයේ ආර්ථික කළමණාකරන ප්‍රයත්නය සාර්ථකද? මධ්‍යස්ත විමසුමක්..

Share This

එ.ජා.ප  රජයේ ආර්ථික කළමණාකරන ප්‍රයත්නය සාර්ථකද? මධ්‍යස්ථ විමසුමක්..




2015 පළමු කාර්තුවට සාපේක්ෂව ආපසු හැරි බලන විට, වසර 03 කට පමණ ප්‍රථම ශ්‍රී ලාංකීය ජාතික ආර්ථිකයේ දක්නට ලැබුන විනාශකාරී මූල්‍යමය ණය පොලී භාරය සෑහෙන මට්ටමකින් අඩු කිරීමට වත්මන් එ.ජා.ප රජය සමත්ව ඇති බව පෙනීයයි.පසුගිය රජය විසින් ඉහල පොලී අනුපාතිකයන් යටතේ පවා කිසිදු සැලැස්මකින් තොරව ලබා ගත් සුවිශාල ණය ප්‍රමාණය නිසා අප අනාගත පරම්පරාව පියවිය නොහැකි ණය උඟුලක සිරවිය.පසුගිය සමයේ එ.ජා.ප රජයේ ප්‍රධාන ඉලක්කයක් වූවේ මෙකී ණය උඟුලෙන් ජාතික ආර්ථිකයට සහනයක් ලබා දීමයි.

ණය උඟුලෙන් ආර්ථිකය යම් තරමකට නිදහස් කල රජයේ සැලසුම කුමක්ද?

1.  රජයක් ලෙස වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සැලැස්ම මත වර්ෂ 2020 වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ  විදේශ ණය ප්‍රමාණය 70% කින් කපා දැමීමට ඔක්කොම්බර් 26 දක්වා පැවති රජයට හැකියාව තිබුණි. තුලිත ණය කළමනාකරන උපායමාර්ගයන් අනුගමනය කිරීම මඟින් ක්‍රමානුකූලව පවතින දැවැන්ත ණය පොලී ප්‍රමාණය ගෙවා දැමීම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස අරමුණු කරන ලදී. මෙහි ප්‍රතිපලයක් ලෙස අනාගතයේ රට තුල පුළුල් ආයෝජන අවස්ථා ඇති කිරීමට හැකියාව තිබුණි.


 අපගේ අනාගත දරැවන්  ගෙවිය නොහැකි ණය උඟුලක සිරකල නව අධිරාජ්‍යවාදී වහල්භාවයෙන්  රටත් ජනතාවත් මුදවා ගැනීමට එය විහාල පිටු බලයකි.

2.   අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සැකසුණු ආර්ථික වැඩසටහන තුල  අයවැය හිඟය අඩු අගයක් දක්වා ගෙන යමින් තිබුණි. මෙම තත්වය මත පසුගිය රාජපක්ෂ රජයෙන් ලබාගෙන ඇති සුවිශාල ණය ප්‍රමාණය ගෙවීමේ හැකියාව පුළුල් වන අතර, බදු හා පොලී අනුපාතිකයන් ලෙස ජනතාව මත පැටවෙන භාරයන් ක්‍රමානුකූලව කප්පාදු කල හැකිය. 2014 දි 5.7% ක්ව පැවති සමස්ථ අය වැය හිඟය 2017 වන විට 4.6% අගයක් දක්වා ඉතා සතුටුදායක අඩුවීමක් පෙන්වයි .(මහ බැංකුවේ වාර්තා ඇසුරෙනි)

3. වර්ෂ 2020 වන විට  රජය විසින් සමස්ථ අය වැය හිඟය , ඳළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% ක ප්‍රතිශතයක් කරා අඩු කිරීම ඉලක්ක කර ගනිමින් සිය ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී.මෙකී අරමුණට ලඟා වනු වස් රජය විසින් බදු නීතින් සහ රෙගුලාසි සරල හා කාර්යක්ෂම කිරීම, බදු අයකිරීමේ ක්‍රමවේදයන් නවීකරණය කිරීම සහ විධිමත් කිරීම යන ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනු ලැබේ.



4. වගකිවයුතු සහ දුරදක්නා ආර්ථික කළමනාකරනයක් මෙහෙයවීමේ ප්‍රතිපල ලෙසට පැවති ගිණුම් හිඟය (account balance) අර්ධයක් දක්වා අඩු කිරීමට සැලසුම් තිබුණි. එක්සත් ජාතික පක්ෂ ආර්ථික උපායමාර්ග හමුවේ 2014 දී  දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2% ක්වු ගිණුම් හිඟය , 2017 වන විට 0.6% ක් දක්වා අඩුකර ගැනීමට වත්මන් රජය සමත්ව ඇත.ණය සේවා අනුපාතිකය තුල ආදායම් වර්ධනය 10% කින් අඩුවී ඇති අතර මේ තත්වය නිසා රජයට මහජන සුභසාදනය සඳහා කල හැකි ආයෝජන ඉහල යමින් පවතී.ගම්උදාව  නිවාස වැඩසටහන, අත්‍යාවශ්‍ය ඖෂධ මිල පහල දැමීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ පහල දැමීම , කලකට පෙර ඉන්ධන මිල විශාල ලෙස පහළ දැමීම සිදුවූයේ මෙවන් සැලසුම් සහගත ආර්ථික කළමනාකරන උපායමාර්ග අනුගමනය කරමින්ය.

ඉහත පසුබිම වැදගත් වන්නේ, රට සුවිශාල ණය උඟුලක සිරවී පවතිද්දීත් මෙවන් සහන සැපයීම තුලයි. ආදායමේ අනුපාතයක් ලෙස ණය සේවා 2014 වර්ෂයේදී 90.1%ක් ද 2016 වර්ෂයේදී 80.2% ක්ද විය.

5.  අය වැය හිඟයේ දේශිය වියදම (domestic financing of budget deficit) ඉතා විශාල අඩුවීමක් දක්නට ඇත.(44%) . 2014 වර්ෂයේ දී රැපියල් බිලියන 379 ක අගයක් ගත් මෙම ගෘහස්ත වියදම 2016 වසර වන විට රැපියල් බිලියන 211 ක අගයකට අඩුවී පවතී.

2020 වන විට මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත්වීමට ඉලක්ක කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවති බව ඔක්කොම්බර් 26 ට පෙර රජයේ ආර්ථික ප්‍රතිපත්ති වලින් සහතික කරනු ලැබීය.

රාජ්‍ය සේවක වැටුප් රැපියල් 10000 කින් ඉහළ නැංවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිලියනයක පමණ රාජ්‍ය සේවකයන්ගේ ජීවන මට්ටම වැඩිවන ජීවන වියදමට සාපේක්ෂව ඉහළ නැංවීමට පියවර ගැනීමද මෙකී ආර්ථික කළමනාකරන ප්‍රතිපල වල මල්ඵල දැරීමකි. රටේ රාජ්‍ය අංශය තුළ වගකිව යුතු සේවාවක නිරතව සිටින සෑම රජයේ සේවකයෙක්ගේම ජීවන තත්වයට ආර්ථික ප්‍රතිලාභ බැර කිරීමක් ලෙසට මෙම තත්වය හැඳින්විය හැක.ලක්ෂ දාහතරක් පමණ වු  සමස්ත රාජ්‍ය සේවකයින් මේ නිසා ප්‍රතිලාභ ලබති.

මෙලෙස 2014 රාජ්‍ය සේවකයින් සඳහා ලැබුන වැටුප් පරිමානයට සාපේක්ෂව මෙම නව වැඩිවීමේ ප්‍රතිශතය 36.8% ක් හෙවත් තුන්ගුණයක් පමණ වේ.


6. අය වැය සහන දීමනාව රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවකයින් සඳහා දෙගුනයකින් වැඩිකර ඇත.

රජය විසින්  මාසික වැටුප රැපියල් 20000-40000  වැටුප් පරාසය දරන පුද්ගලික අංශ සේවකයින් සඳහා ලබාදුන් අය වැය සහන දීමනාව රැපියල් 500 සිට රැපියල් 1000 දක්වා ඉහල නංවා ඇත.මෙම ප්‍රතිලාභය කෘෂිකර්ම ක්ෂේත්‍රය හා සම්භන්දව කටයුතු කරන මාසික ආදායම  රැපියල් 25000 ක සීමාවක ලබන ලක්ෂ 25 ක ශ්‍රම බලකායකට සහන සලසයි.

පුද්ගලික අංශයේ අනියම් සේවකයන්ගේ ආදායම 2014 ට සාපේක්ෂව 2016 දී 15.7% කින් වර්ධනයවී තිබේ. මෙම තත්වය ජීවන වියදමට සාපේක්ෂව සැලකිය යුතු වැටුප් වැඩිවීමකි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මාළාව ප්‍රායෝගිකකරණය කරමින් මෙන්ම බදු රහිත සීමාවන් පුළුල් කරමින් සහ බොහෝ දුප්පත් පවුල් වලට ගම්උදාව වැඩසටහන යටතේ  නිවාස  සපයමින් බදු රහිත ආදායම් සීමාව රැපියල් 750000 -රැපියල් 1200000 දක්වා ඉහල නංවා තිබේ.


7.  එක්සත් ජාතික පක්ෂයේ දූර දර්ශී ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිපලයක් වශයෙන් මෙරට ආර්ථිකය සීඝ්‍ර වර්ධනයක් ලබමින් පැවති අතර,  වර්ෂ 2020 වන විට මෙරට මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට ඉලක්ක කරගෙන තිබුනි.

පසුගිය වසර 2ක කාලය ඇතුළත මෙරට දළ දේශීය නිෂ්පාදනය 15% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර එකී වර්ධනය රැපියල් ට්‍රිලියන 12 ඉක්මවා යන්නකි. 2014 රාජපක්ෂ රෙජීමය පැවතුන වකවානුවට සාපේක්ෂව මෙය රැපියල් ට්‍රිලියන 1.6 ක වැඩිවීමක් බව සැලකිය යුතුය.

2014 සිට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ සිදුවී ඇති වර්ධනය 10% ක් පමණවේ. වත්මන් වෙළඳ පල මිල ගනන් වලදී දළ දේශීය නිෂ්පාදනය 11.9 % කින් ඉහල ගොස් ඇත්තේ , 2014 වර්ෂයේදී රැපියල් 498528 ක්වූ එම අගය 2016 වර්ෂයේදී  රැපියල් 558363 ක අගයක් දක්වා ඉහල යාමෙනි. මෙමගින් පැහැදිලි වන්නේ බහුතර ප්‍රතිශතයක් ජනතාව වැඩි වැඩියෙන් ආදායම් ලබමින් සිටින බවකි.



8. එක්සත් ජාතික පක්ෂයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් (macro economic policies) මත පදනම් වෙමින් මෙලෙස ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය මඟින්  2020 වන විට මෙරට මධ්‍යම ආදායම් සහිත රටක් බවට පත් වනු ඇත. දැනට පවතින  3.5%ක් දක්වා අනපේක්ෂිතව අඩුවු දළ දේශීය නිෂ්පාදනය වර්ෂ 2020 වන විට 6.5% ක වර්ධනයක් අපේක්ෂා කරයි. දළ දේශීය නිෂ්පාදන අගය 2020 වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 115 ක් පමණ අගයක් දක්වා වර්ධනය වනු ඇති බවත් ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 5500 ක් පමණ අගයක් දක්වා වර්ධනය වනු ඇති බවත් සාමාන්‍ය දත්තයන් විශ්ලේෂණයකදී මා හට පෙනී ගොස් ඇත.මෙම තත්වය ඉහල මධ්‍යම පාන්තික ආර්ථිකයක් දක්වා වර්ධනය වීමට හැකි තත්වයකි.

9.  2020 වන විට රැකියා අවස්ථා මිලියනයක් ජනනය කිරීමේ එක්සත් ජාතික පක්ෂ පොරොන්දුවට කුමක් වේද?

2015 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ දා සිට රැකියා අවස්ථා 400000 ක් පමණ මේ වන විට ජනනය කර ඇත. එනම් මේ වන විට ලක්ෂ 4ක පමණ ශ්‍රම බලකායක වැඩි වීමක් පවතී. 2015 ජාතික ශ්‍රම බලකාය වූ 7800070 අගය වර්ෂ 2017 අගභාගය වන විට 8230207 දක්වා වැඩිවෙමින් නව රැකියා නියුක්තීන්  430137 ක ඉහල යාමක් පෙන්වයි.2018 වර්ෂයේද උපාධිධාරීන් සඳහා රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා දැන් ලබා දෙමින් පවතින්නේ එක්සත් ජාතික පක්ෂ රජයේ මෙම ඉලක්කය යටතේය.

කාන්තා ශ්‍රම බලකාය කවරදාකටවත් වඩා පසුගිය වසර කිහිපය තුල ප්‍රවර්ධනය වී ඇත.මේ වන විට මිලියන තුනක වාර්තාගත  කාන්තා ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාවේ සිටිති.2017 වන විට 2995161 ක කාන්තා ශ්‍රම බලකායක් මෙරට සිටින අතර මෙම ප්‍රමාණය 2015 මුල් කාර්තුවට   සාපේක්ෂව 23276 ක වැඩිවීමක් බව පෙනීයයි.( මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ වාර්තා ඇසුරෙනි)



10. එක්සත් ජාතික පක්ෂය කුඩා පරිමාන ව්‍යවසායකින්ට නව රැකියා  සහ ආර්ථික  අවස්ථා උත්පාදනය සඳහා දිරි ගැන්වීම් කරනු ලැබේ.


එක්සත් ජාතික පක්ෂ රජය කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සදහා රැපියල් බිලියන 3750 ක මෙතෙක් කිසිදු රජයක් ලබා නොදුන් සුවිශාල ණය ප්‍රමාණයක් සහනදායී නැවත ගෙවීමේ පදනම පිට සපයා තිබේ.(මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය)

එක්සත් ජාතික පක්ෂය විසින් ව්‍යාපාරික අවස්ථා 25000 ක් ඉදිරි වසර තුල ජනනය කිරීමේ අදහසින් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාර සඳහා සුවිශේෂ ණය ව්‍යාපෘතියක් වු "ස්ව ශක්ති " ණය යෝජනා ක්‍රමය දියත් කරමින් සිටියි.( ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය)

මේ අතර රැපියල් බිලියන 4.4 ක සුළු ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ ණය යෝජනා ක්‍රමයක් දියත් කරමින් එක්සත් ජාතික පක්ෂ රජය පුද්ගලික අංශයේ රැකියා අවස්ථා 50000 ජනනය කිරිමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටියි.

පවුල් පාලන ඒකාධිපති ජුන්ටාවක් විසින් රටේ ජාතික ධනය නාස්ති කිරීම  සොරාකෑම, කොමිස් ගැසීම, හිතවතුන් සොරා කෑමට ඉඩදීම සහ අකාර්යක්ෂම ව්‍යාපෘති වලට යෙදවීම මඟින් සමස්ථ ආර්ථික පද්ධතියම සමූල විනාශයකට යොමු කල 2015 වසරේ සිටම දූරදර්ශී ආර්ථික උපායමාර්ගයන් අනුගමනය කිරීමෙන් මේ වන විටත් ලංකාවේ ආර්ථිකය යම් තරමකට හොඳ මට්ටමකට රැගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ආර්ථික උපාය මාර්ගයන් සමත්ව ඇති බව මෙම විශ්ලේෂණයෙන් පැහැදිලි කලෙමි.


එක්සත් ජාතික පක්ෂ රජය තුලදීත් සිදුවූ සමහර මූල්‍ය
අක්‍රමිකතා සිදු නොවුනි නම්  රනිල් වික්‍රමසිංහ රජයේ මෙවන් සූක්ෂම ආර්ථික උපාය මාර්ගයන් වල  ප්‍රතිපල මෙයටත් වඩා හොඳින් ආර්ථිකයට දැනෙනු ඇත.වසරකින් දෙකකින් ක්ෂණික ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු වීමට පුරැදුවී ඇති සමාජ රාමුවක මෙවන් ක්‍රමික දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිලාභ පිලිබඳ මහජනතාව දැනුවත් වන්නේ කලාතුරකිනි.

මෙම ආර්ථික උපාය මාර්ගයන් දීර්ඝ කාලීන සහ ක්‍රමික වෙනස්වීම් වර්ධනය කිරීම පදනම් කර ගත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් බව බුද්ධිමත් ඔබ තේරැම් ගත යුතුය.දැරිය නොහැකි විශාල විදේශ  ණය ප්‍රමාණයක්  එක්වර ලබා ගෙන අධික නාස්තිකාර තත්වයන් තුල කෘතීම සහ අස්ථාවර  ක්ෂණික සංවර්ධනයක් මවනු වෙනුවට , ක්‍රමික , ස්ථාවර පදනමක් මතින් චිරස්ථායී සංවර්ධනයක් ජනිත කිරීම රනිල් වික්‍රමසිංහ රජයේ මූලික දර්ශනයයි.


කෙසේ වුවත් ඔක්තොම්බර් 26 දින ජනපති සිරිසේන හකුළා දැමුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන මේසා විශාල වු ආර්ථික දියුණුවක පදනමයි.. එබැවින් මේ මොහොතේ සිරිසේන පරාජය කළ යුතුමයි...

අග්‍රාමාත්‍යතුමන්ගේ දූරදර්ශී ආර්ථික දැක්ම සහ සූක්ෂම ආර්ථික උපාය මාර්ග හමුවේ වත්මන් ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් වීමේ සිහිනය කරා වසරින් වසර පියමනිමින් සිටින බව ලියුම්කරැ  සාක්ෂි සහිතව පෙන්වා දෙනු රිසියේය. එමෙන්ම මෙම ආර්ථික ප්‍රවාහය ඉදිරියට පවත්වා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා එක්වන මෙන් බුද්ධිමත් තරැණ ඔබට ආරාධනය කරන්නෙමු.
ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක් ඇති කිරීමට අපි මේ මොහොතේ තැප වෙමු...



මහ බැංකු වාර්ෂික වාර්තා සහ අනෙකුත්  අමාත්‍යාංශ වාර්ෂික වාර්තා ඇසුරෙනි.
-අනුරාධ සේනාරත්න-

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages