ජනපතිගේ කඩිනම් සංවර්ධන වැඩසටහනේ ප්රධානම අංගයක් වුයේ මොරගහකන්ද ජලාශයයි. තාක්ෂණික වාර්තා පසකලා ඇතැම් අවස්ථාවලදි මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදුවන බව මුල සිටම අවස්ථා කිහිපයකදී අප අනාවරණය කළා.
පසුගිය දා ජනපති සිරිසේන හදිසියේම මොරගහකන්දට ගොස් වාන් දොරටු විවෘත කළේය. මේ වනවිට ලැබෙන අලුත්ම ආරංචිය නම් මොරගහකන්ද විදුලි උත්පාදක ටර්බයිනයක් පුපුරා ඇති බවයි. ඒ අනුව, අපේක්ෂිත විදුලිබල උත්පාදන ඉලක්ක ද ළඟා කර ගැනීමට නොහැකි මට්ටමකට පත්ව ඇත.
දැනට පවතින තොරතුරු අනුව, මොරගහකන්ද ජලාශයේ බැම්ම ද කිසියම් අවධානමකට ලක්වීමට ඇති වාර්තාවේ. ඒ අනුව, ඉදිරියේදී පොළොන්නරුව ප්රදේශය ජලයෙන් යටවීමේ අවධානමක් එල්ල විය හැකි බවට අණාවැකි පල වෙමින් පවති.
No comments:
Post a Comment