2019 වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්රී ලංකාව බව සුප්රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව තහවුරු කළේ මීට මාස තුනකට පමණ පෙරය. කෙසේ වුවත් මෛත්රි-මහින්ද බල තන්හාව තුළ ලෝන්ලි ප්ලැනට් සඟරාව ලබාදුන් කීර්ති නාමය සැළකිය යුතු ප්රමාණයකින් පහළ යන ලදී.
එවැනි පසුබිමක travellemming.com වෙබ් අඩවිය ආසියානු මහද්වීපයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්රී ලංකාව බව පසුගිය දා නම් කැනු ලැබීය.
එම නම් කිරීම තරමක් තියුණු ක්රමවේදයක් හරහා සිදුවිය. ලොකයේ ප්රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගෙන් සමන්වත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ආසියාව තුළ ශ්රී ලංකාවට පළමු ස්ථානය හිමිව තිබිම විශේෂත්වයකි.
ශ්රී ලංකාව කුඩා දිවයිනක් වුවත් ජෛව විවිධත්වයෙන් අනූන ස්වභාවික පරිසරය හා එකි නෙකට වෙනස් සංස්කෘතික කලාප පිහිටා තිබිම මෙන්ම, සංචාරක කාලය තුළ ඉතා අඩු මිලකට ආහාර පාන හා නවාතැන් ගැනීමට පහසුකම් තිබීම යන කරුණු තුළ ශ්රී ලංකාව ඉහත තත්ත්වය දිනාගෙන ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.
පසුගිය මාස දෙක තුළ බිඳ වැටුණු ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි ඉහළට ඔසවා තබන්නට travellemming.com වෙබ් අඩවිය ද ශ්රී ලංකාව ආසියානු මහද්විපයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කිරිම වාසි සහගත තත්ත්වයක් ලෙස සංචාරක ක්ෂේත්රයේ නියළි සිටින අය පෙන්වා දෙයි.
No comments:
Post a Comment