අමාත්‍යාංශවල ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ක්‍රියාකාරි සැලසුම් ඉදිරිපත් කිරීමේ පදනමින් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් පෙබරවාරි 05 දින මැති සභයට - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අමාත්‍යාංශවල ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ක්‍රියාකාරි සැලසුම් ඉදිරිපත් කිරීමේ පදනමින් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් පෙබරවාරි 05 දින මැති සභයට

Share This


2019 වර්ෂය සඳහා වු අය වැය විසර්ජන පනත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පෙබරවාරි මස 05 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සුදානම් බව වාර්තාවේ.

2018 වර්ෂයේ මෙන්, අමාත්‍යාංශවල වැය ශීර්ෂ සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබනුයේ අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ක්‍රියාකාරි සැලසුම් ඉදිරිපත් කිරීමේ පදනමින් බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

2019 වර්ෂය ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව කරයි.

2019 අය වැය මගින් පුනරාවර්තන වියදම්, දළ දේශිය නිෂ්පාදිතයෙන් 15% ප්‍රතිශතයකට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අයවැය හිඟය දළ දේශිය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීම සහ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමට හැකි වන අයුරින් අය වැය නිකුත් කිරිමට අපේක්ෂා කරයි.

2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම මාර්තු මස 05 දින පැවැත්වේ. තුන්වැනි වර කියවීමේ විවාදය මාර්තු13 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර අවසන් ඡන්ද විමසීම 2019 අප්‍රේල් මස 04 දින සිදුකිරීමට නියමිතය.

ඒ අනුව, එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කලින් විසර්ජන පනත සම්මත වන අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තරමක් පහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages