රටම අන්දොලනයට පත් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 124 වගන්තිය අනුව අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළ බව වාර්තාවේ.
පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය වෙත මුදාහැර මෙම විමර්ශන වෙනත් මඟකට යොමු කිරිමට උත්සාහ කරන බව පෙනී යන බවත්, තමන් දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙත පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙසත් අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 124 වගන්ති ප‍්‍රකාරව නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය ගරු අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, නාමල් කුමාරට සියල්ල අපරාධ විමර්ශන අංශය හා අධිකරණය හරහා පමණක් කථාකර විසඳාගත යුතු වෙනවා.
No comments:
Post a Comment