2009, 2015 හා 2016 යන වසර වලදී ද මෙවැනි ආකාරයේ විදුලිය බිඳ වැටීම් සිදුවෙලා... - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

2009, 2015 හා 2016 යන වසර වලදී ද මෙවැනි ආකාරයේ විදුලිය බිඳ වැටීම් සිදුවෙලා...

Share This

දිවයින පුරා විදුලිය ඇණ හිටීමත් සමග සමාජ ජාල තුළ හාස්‍ය හා උපහාසය සහිත පළ කිරීම් රැසක් බෙදා හැරෙමින් පවතී.

ඒ අතර ඇතැම් ජනප්‍රිය ෆේස්බුක් පිටු හරහා බෙදා හැරුණු ඇතැම් තොරතුරු අතර නොමග යවන සුළු ව්‍යාජ තොරතුරු ඇතුළත් වී තිබූ අතර එක් ජනප්‍රිය ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුණේ විදුලි බල විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩ බාරගෙන පැය 3ක් ඇතුළත විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව ඇඟවෙන තොරතුරකි.

ඩලස් අලහප්පෙරුම සිය අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවේ අමාත්‍යධූරයේ දිවුරුම් දිනයෙන් පසු දින වන අගෝස්තු 13 දින යි. එදින කොළඹ පිහිටි අමාත්‍යංශයේ දී ඔහු රාජකාරි භාරගෙන තිබෙන අතර මේ වන විට දින 4ක් පමණ ගත වී තිබෙනවා.

මේ අතර ඇතැම් පිරිස් බෙදා හැර තිබූ තොරතුරු අනුව දක්වා තිබූ පරිදි මෙය ඉතිහාසයේ දීර්ඝතම විදුලිය ඇණ හිටීම ලෙස දක්වා තිබූ තොරතුර ද නිවැරදි නොවන අතර 2009, 2015 හා 2016 යන වසර වලදී ද මෙවැනි ආකාරයේ විදුලිය බිඳ වැටීම් සිදුව ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙනවා.

එසේම 2019 මාර්තු මාසයේ දී ද නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් දෙදිනක් පුරා වරින් වර සහ සම්පූර්ණයෙන්ම යම් යම් ප්‍රදේශවලට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages