මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් අසල ඊයේ (2) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇත්තේ ප්‍රකට අමිතා ට්‍රේඩ් සෙන්ටර් හිමිකාර ජයලක්ෂ්මි සුන්දරරාජ් පවුලේ දියණියක් බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකාවක ද වූ අමිතා සුන්දරරාජ් (34) මෙනෙවිය සහ ඇය ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයේ රියදුරු ක්‍රිෂාන්ත සිල්වා (52) මෙහිදී මිය ගියා.
ඊයේ (02) උදෑසන 08.40 ට පමණ මෝදර සිට වත්තල දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක ගැටී එම අනතුර සිදු වුණා.
මියගිය දෙන්නාම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදෙනෙකි. මියගිය ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා අමිතා සුන්දරරාජ් ආර්ථික විද්‍යා විෂය ක්ෂෙත්රයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධිය හා ඇමරිකාවේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.
ඇය ලෝක බැංකුවේද තනතුරක් දරන්නියක් වනවා.
No comments:
Post a Comment