කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත. ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ය. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.
මාර්ගගත තොරතුරු ඉදිරිපත් නොකළ සිසුන් විසින් මෙම ආකෘති
පත්‍රය ( එක් මාධ්‍යකින් ) සම්පුර්ණ කර ඉදිරිපත් කළ යුතු අතර එහිදී වාර්තා වන සෞඛ්‍ය
ගැටලු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන මෙන්
සියලුම පළාත්/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන්
දැනුවත් කර ඇත.
No comments:
Post a Comment