මත්ද්‍රව්‍ය විරෝධයට එරෙහි යුද්ධය තවත් කාලයක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා කෙටි කාලීන විසඳුම් මෙන්ම දිගු කාලීන විසදුම්ද ඇති බවත් මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීම සඳහා මෙම විසඳුම් දෙවර්ගයම යොදා ගැනීමට සිදු වන බවයි අගමැතිවරයා සඳහන් කළේ. රට තුළ මත්ද්‍රව්‍ය පාලනය කිරීමට කටයුතු කරන අතර විදේශයන්ගෙන් ඒවා මෙරටට ගෙන ඒම වැලැක්වීමත් මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදා හැරීම වැලැක්වීමත් කළ යුතුව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම සෙසු රාජ්‍ය නිලධාරීන්ගේත් ජනතාවගේත් සහය අවශ්‍ය බවයි වික්‍රමසිංහ මහතා කියා සිටියේ.
මත්ද්‍රව්‍ය බෙදා හැරීමට අදාළව සිංගප්පුරුව වැනි රටවල් අබ දෙන දඬුවම් පිළිබඳ සලකා බැලිය යුතු අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සාමාන්‍ය ආකාරයට කටයුතු කරනවාද නැත්නම් ඒ සඳහා පොලීසියට විශේෂ බලතල ලබා දෙනවාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පැවසීය.
"අද වන විට මත්ද්‍රව්‍ය උවදුර ආසියාව හා අප්‍රිකාව දක්වා ව්‍යාප්ත වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය පිලිබඳ ලැබෙන සියලු වාර්තා වලින් එය පෙන්නුම් කරනවා. මෙම වසර තුළ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමට අප විශේෂයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය අංශය පිළිබඳව ගත යුතු නව නීති රීති ද තිබෙනවා. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත් පොලීසියත් එක්ව මෙම තීරණ ගතයුතුයි. මෙම මණ්ඩලය සම්බන්ධව නීතිමය කරුණු සංශෝධනය කළ යුතු වෙනවා. ඒ වගේම එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු අප සිදුකරනවා."
ඒ අනුව ඉදිරි වසර දෙක තුළ මත්ද්‍රව්‍ය උවදුර පැතිරීම වැලැක්වීමට ක්‍රියා කළ යුතු බවයි අගමැතිවරයා සඳහන් කළේ.
No comments:
Post a Comment