රටක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන දීර්ඝතම ආයෝජනයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රටක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන දීර්ඝතම ආයෝජනයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන

Share This
රටක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන දීර්ඝතම ආයෝජනය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (20) පොළොන්නරුවේ ඇලහැර අත්තනකඩවලදී පැවැසීය.
අධ්‍යාපනයේදී ඉහළින් ලකුණු ලැබ විභාග සමත් වන්නාසේම ජීවිතය සමත්වීමේ අභියෝගය ජය ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඇලහැර අත්තනකඩවල මහා විද්‍යාලයේ මෙතෙක් අඩු පාඩුවක්ව පැවැති සෞන්දර්ය ඒකකය, කෘෂිකර්ම සහ ගෘහ විද්‍යා ඒකකය සඳහා පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.
මීට වසර එකහමාරකට පෙර මේ විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් ඉල්ලා සිටි විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ ගොඩනැගිලි කිහිපයක් අපේ යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් මේ  ඉදිකිරීම් සිදුකොට එහි විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රටක කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නාවූ විශිෂ්ටතම දීර්ඝ කාලීන ආයෝජනය ලෙසින් සැලකෙනවා. මේ ඉදිකරන ගොඩනැගිලිවලින් මේ ලබාදෙන සම්පත්වලින් භෞතික සම්පත් සහ මානව සම්පත්වලින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියල්ල ඉටුකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ උගත්, බුද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සැදීමයි.

1940 දශකයේ සිට මේ දක්වා ගත්විට පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සංවර්ධන කාර්යයන්හි විවිධ අංශ පිළිබඳව අවධානය යොමු කළ විට පසුගිය කාලසීමාව තුළ අපි ඉතාමත් වේගවත් සංවර්ධන කාර්යයක් ඉටුකර තිබෙනවා. මෙහි කතා කළ දරුවා සඳහන් කළ පරිදි ඞී.එස්. සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වූ පොළොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි දරුවෙක් විදියට මම ඉතාමත් සතුටු වෙනවා. රට වගේම මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා මේ ගන්නාවූ උත්සාහය සහ කැපවීමේදී අවශ්‍ය ප‍්‍රතිඵල අද වගේම හෙට දවසේත් පෙන්වන්නට හැකියාව ලැබේවි කියා විශ්වාස කරනවා.
ඇලහැර බකමූණ ප‍්‍රදේශය ගත්විට මේ දිනවල දරුවනේ ඔබේ දෙමව්පියන් එතරම් සතුටින් නෙවෙයි සිටින්නේ. එයට හේතුව තමයි, මේ කන්නයට අවශ්‍ය ජලය කුඹුරු වැඩ කිරීම සදහා නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව නිසා ආර්ථික වශයෙන් ඇතිවූ අර්බුදයයි දෙමව්පියන්ගේ සිත්වල තිබෙන්නේ. එම ආර්ථික අපහසුතා දෙමව්පියන්ගේ සිත්වල දැඩිලෙස කැකෑරෙන අවස්ථාවක දෙමව්පියන්ගේ අරමුණ, අභිප‍්‍රාය වුණේ සැමවිටම තම දරුවන්ගේ අනාගතය සඳහා කළ හැකි සියලූ කැපකිරීම් සිදුකිරීමටයි. දරුවන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම මගින්  ඔවුන්ගේ සිත් සනසන්නට හැකිවේ කියා මා විශ්වාස කරනවා.


පාසලේ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරු දැරියන් සමඟ ගීත ගායනා කිරීමේ අවස්ථාවකට ද එක් විය.
උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි, උතුරු මැද පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් වන එස්.එච්.ඒ. අන්සාර්, එන්.වී. සමන්ත හිටපු නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමරවංශ මොහොට්ටිගේ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.කේ.බී. නවරත්න යන මහත්වරුන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ මාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages