ඒකාබද්ධ රජය පිහිටුවීමෙන් පසු ගුවන් සමාගමේ පාඩු සීග්‍ර ලබයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ඒකාබද්ධ රජය පිහිටුවීමෙන් පසු ගුවන් සමාගමේ පාඩු සීග්‍ර ලබයි

Share This

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ ඒකාබද්ධ රජය පිහිටුවීමෙන් පසු ගුවන් සමාගමේ පාඩු සීග්‍ර ලෙස අඩුවී ඇති බවයි.ඒ අනුව ගුවන් සමාගමේ  2011 සහ 2015 මූල්‍ය වසර කාලසීමාව  තුළ ආයතනික පාඩුව රුපියල් බිලියන 91.8 ක් වූ  අතර 2017 වසර  වන විට එය  විශාල වශයෙන් අඩුවී ඇත.
2015  වසරේ දී ඉන්ධන මිළ පහත වැටීම හේතුවෙන්  ගුවන් ප්‍රවේශපත් මිළ අඩුවීමක් සිදුවූ අතර මෑත කාලයේදී ඉන්ධන මිළ නැවත  වැඩි වුවත් ගුවන් ප්‍රවේශපත් මිළ ගණන් වෙනස් නොවී පැවැතිනි. තවද නව ගුවන් යානා ( මිළ අධික) ලබාගැනීම  , රුපියලේ අගය අඩුවීම ,ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව හා අනෙකුත් විදේශ මුදල් විනිමය අගයන් අඩුවීම( ගුවන් සමාගමේ බොහොමයක් පිරිවැය  ඇමරිකානු ඩොලර් වලින් ගෙවිය යුතුය)  යනාදිය මගින් ගුවන් සමාගමේ ශේෂ පත්‍රය කෙරෙහි සෘණාත්මකව බලපෑ ඇත. එසේම කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළේ ගුවන් ගමන් පථය අළුත්වැඩියා කිරීමේ අත්‍යවශ්‍ය ව්‍යාපෘතිය හේතුවෙන්  ගුවන් සමාගමට 2017  වසර තුළ ගුවන් ගමන් 600 ට අධික ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුවිය. 2016/17 මූල්‍ය වසර කාර්ය සාධනය සඳහා මෙම සාධක අහිතකර ලෙස බලපෑ ඇත.
SLlosses
පසු ගිය රජය සමයේ එළැඹී ඇති ගුවන් යානා කල්බදු ගිවිසුම් හේතුවෙන්  ගුවන් සමාගමට විශාල මුදලක් කල්බදු ලෙස අඛණ්ඩව ගෙවීමට සිදුවී ඇත. ජාතික ගුවන් සේවයට සම්පූර්ණයෙන්ම  අනවශ්‍ය A350-900 ගුවන් යානා 4 ක් කල්බදු පදනම මත ලබාගැනීම අත්හිටුවීම සඳහා වන ඉහළ පිරිවැය ද ගුවන් සමාගමේ මූල්‍ය කාර්ය සාධනය වෙත අහිතකර ලෙස බලපෑ ඇත. (ඉහත වගුව මගින් ඒකෝචිත අයිතම (One-off items) පෙන්නුම් කෙරේ)
මේ වන විට ගුවන් සමාගමේ ආදායම් යහපත් තත්ත්වයට පත්වෙමින් ඇති අතර කලාපීය ලෙස  ගුවන් මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට ද ගුවන් සමාගම කටයුතු කරමින් සිටියි.  ඉදිරි මාස කිහිපය තුළ ගුවන් සමාගම ඉන්දියාව වෙත නව ගමනාන්ත 3ක් එක් කිරීමටත්,හොංකොං සහ  ගුවාන්ෂෝ (Guangzhou) වෙත  සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම මෙන්ම ඕස්ට්‍රේලියාව වෙත නොනවත්වා ගුවන් ගමන් සිදුකිරීමට සැලසුම් කර ඇත.
ගුවන් සමාගමට ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ තරඟකාරී ලෙස මුහුණු දීමට ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් පිරිවැය අවම කිරීමේ අවශ්‍යතාවය  මතුව තිබේ.
ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමනාකාරීත්වය එහි කොටස්කරුවන්ගේ සහයෝගය ඇතිව ජාතික ගුවන් සේවය යළි නඟා සිටුවමින් ධනාත්මකව සංවර්ධනයක්  කරා ගෙන යාමට හැකි බවට දැඩිව විශ්වාස කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages