පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ව්‍යසනයෙන් අසරණ වූ රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි දැරියගේ සංවේදී සිදුවීම පිළිබඳව අප විසින් පසුගියදා නොයෙකුත් මාධ්‍ය වාර්තා කළ අතර.
අග හිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රුදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක් පමණක් බව ඇයගේ මව විසින් ප්‍රකාශ කර තිබුණු අතර මෙම සිදුවීම බොහෝ දෙනෙකුට සංවේදී සිදුවීමක් විය.
පුංචි දෙව්මිනිගේ මෙම ගැටලුව මාධ්‍ය වලින් දුටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා පෙරේදා (13) එම ප්‍රදේශයට ගොස් පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්හ.
එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා ඊයේ කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ වන හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. එහිදී නායක ස්වාමින් වහන්සේලා රජයේ වැඩපිලිවෙලක් යටතේ මෙම නිවස සාදනු ලබන්නේදැයි විමසූ අතර එහිදී හෙළි වූයේ රජයේ කිසිඳු ප්රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙසක් දහම් සිරිසේන මහතා මූලිකත්වය ගෙන සාදා දෙන බවයි.
ඒ කාරණය පිළිබඳව පැහැදුනු නායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කලේ එම නිවෙස සෑදීම සඳහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20 ක ඉඩමක් ලබා දීමට සූදානම් බවත්, නිවෙස ඉදිකිරීම සඳහා මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට නායක ස්වාමින් වහන්සේලා වැඩම කරන බවත්ය.
No comments:
Post a Comment