අද සිට ප‍්‍රදේශ බොහෝමයකට යළිත් වැසි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අද සිට ප‍්‍රදේශ බොහෝමයකට යළිත් වැසි

Share This
අද සිට ප‍්‍රදේශ බොහෝමයකට යළිත් වැසි වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමත් සමග ඇතිවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 10.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබන 27 වනදා තෙක් විශේෂයෙන්ම රටේ නිරිත දිග ප‍්‍රදේශවලට වැසි වැඩිවිය හැකි බවයි. තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට ද ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලට මිලි මීටර් 100 දක්වා වූ තද වැසි ද ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages