අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශය නිලධාරීන්ගේ විදේශ සංචාරවලදී ඉහළ සිට පහලට පාලනයක් ඇති කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සමුළු සඳහා විදේශ ගත වන ඇතැම් ඇමතිවරු සහ නිලධාරීන් එම සමුළු අවසන් වුව ද තවත් දින ගණනාවක් අදාළ රටවල රැඳී සිටින බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට අවධානය යොමු කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
එමෙන්ම එකම නිලධාරියා සෑම වසරකම විදේශ ගත වීම වෙනුවට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ අවධානයට යොමුකර තිබෙනවා.
ඒ අමාත්‍යංශයේ ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.
ජාතික සංවර්ධන වැඩපිළිවෙලේ දී සියලූ රේඛීය අමාත්‍යංශ එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි දී අවධාරණය කර ඇත්තේ.
No comments:
Post a Comment