- sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙනවිදේශීය සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ලැබෙන ආදායම්වෙහෙර විහාර සංරක්ෂණයට


පසුගිය පාලන සමයේ නිසි සංරක්ෂණයක් නොමැති කමින් බදාම තට්ටු කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබූ සීගිරිය බිතු සිතුවම් සංරක්ෂණය කිරීමට උපදෙස් හා මග පෙන්වීම ලබාදීමට තමන් කටයුතු කළ බවත් රංගිරි දඹුලු ලෙන් විහාරයේ මිල කළ නොහැකි බිතු සිතුවම් සහ ප්‍රතිමා ද නිසි සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකළ නිසා විනාශ වී යාමේ අවදානම පවතින හෙයින් ඒ පිළිබඳ මැදිහත් වී සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එලෙස කටයුතු කිරීමේ දී ඇතැම් අවස්ථාවාදී පිරිස් විවිධ අවලාද නගමින් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මෙම ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඉන් ලැබෙන ආදායම් එම ස්ථාන සංරක්ෂණයට යෙදවීමට අමතරව වෙහෙර විහාර ඇතුලු පුරාවිද්‍යාත්මක වටිනාකමක්  ඇති සියලුම ආගමික සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමට යොදවන බවත්  පැවසුවා. මීට අමතරව විදේශ සංචාරකයින් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබුනු අරමුදල් භාවිතා කරමින් නිසි ආදායමක් නොමැති කමින් නඩත්තු කිරීමට අපහසු වෙහෙර විහාර 150 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් චෙක්පත් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ප්‍රකාශ කළා.
වසර ගණනාවක් සිට විපක්ෂයේ සිටි තමා දේශපාලනයේ  අත්දැකීම් රාශියක් ලබා ඇති බැවින් ඇතැම් පිරිස් විසින් පෞද්ගලික සහ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බොරු අවලාද නැගුවද මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයන් ගෙන ගිය ද ඒ මගින් තමන් කරන කටයුතු වැළක්විය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා තමන්ගේ දෑත් පිරිසිදු බවත් ඉදිරිය දැක පැහැදිලි ගමනක යෙදෙන බවත් අවධාරණය කළා. 
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය කටුපොත දලුපොතගම මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට පසුගිය (16) දා එක්වෙමින්. 

විඩියෝව පහළින්

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages