ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දේශපාලන පෙරැළියක් සිදුකිරීමේ සුදානමක - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දේශපාලන පෙරැළියක් සිදුකිරීමේ සුදානමක

Share This
යහපාලන ආණ්ඩුවේ වසර දෙකේ සම්මුති ගිවිසුම අවසන් වන අගෝස්තු 21 වනදාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02 වැනිදාත් අතර කාලයේදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දේශපාලන පෙරැළියක් සිදුකිරීමේ සුදානමක සිටින බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන රාජ්‍ය ඇමැතිවරයකුගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු කීවේ එවැනි පෙරැළියක් සිදුවීම වැළැක්වීම පවතින දේශපාලන තත්ත්වය යටතේ අසීරු විය හැකි බවයි.

කෙසේ වෙතත් විපක්ෂයේ අසුන් ගැනීමට පෙර, එම කණ්ඩායම ඉවත්ව යෑමට තුඩු දෙන කරුණු කාරණා සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට අවසන් තීරණයක් ගන්නා බවත් මේ වන විට අදාළ කරුණු ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවත් එම රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේ නම් හා අපේක්ෂිත දේවල් ආණ්ඩුවෙන් ජනතාව වෙත නොලැබෙන්නේ නම්, තවදුරටත් මැති ඇමැතිකම් දරමින් ආණ්ඩුවේ රැඳී සිටීම පාක්ෂිකයන්ට කරන අගෞරවයක් බවද එම රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිතව ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ඊයේ ආණ්ඩු පක්ෂයට එක්වුයේ එහි පළමු පියවර ලෙස බවද එම අමාත්‍යවරයා කියා සිටියේය.

විදානගමගේ මහතාට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇත.

ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages