ඔෟෂධ සමාගම් දෙකක් තමාට විරුද්ධව ක්‍රියා කිරීම සඳහා ඇතැම් සෞඛ්‍ය සංගම්වලට මුදල් ලබාදී ඇති බවට තොරතුරු ලැබුණා යැයි සෞඛ්‍ය
පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දාෙස්තර රාජිත සේනාරත්න පවසයි. එහෙත් තමා ඒවාට බිය නැති බවත් සමාජ සාධාරණත්වය රට තුළ ඇති කළ යුතු බවත් ඇමැතිවරයා කීවේය.
පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දාෙස්තර රාජිත සේනාරත්න පවසයි. එහෙත් තමා ඒවාට බිය නැති බවත් සමාජ සාධාරණත්වය රට තුළ ඇති කළ යුතු බවත් ඇමැතිවරයා කීවේය.
ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ බලපෑම් එල්ල වුණා. විවිධ බලවේග ක්‍රියාත්මක වුණා. ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග 48ක මිල අඩු කළා. ඔෟෂධ මිල අඩු කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමටත් වඩා ජනතාවට දැනුණා. මෙවැනි සහන සේවා සිදු කළේ ධනවාදීන් යැයි චෝදනා කරන එජාප රජයක් යටතේයි.
අක්ෂි කාච නොමිලේ ලබාදීම නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. මට බලපෑම් කළා. මෙහි තිබුණේ ජාවාරමක්. රජයෙන් නොයෙක් වැරැදි වැඩ වෙන්න පුළුවන්. නමුත් කරපු හොඳ වැඩත් තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව ජනතාවට ලබාදිය යුතුයි.
No comments:
Post a Comment