ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි

Share This
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය තාවකාලිකව නතර කළ ද එය ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රටේ දේශපාලන අධිකාරියට එම කාර්යය තාවකාලිකව හෝ නවතා දැමීමට සිදුවූයේ, ඒ පිළිබඳව විවිධ පාර්ශව විසින් පටු දේශපාලනික අරමුණු මත පදනම්ව විවේචන එල්ල කළ නිසා බවයි.අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති, අධ්‍යාපන පරිපාලන සේවයේ (iii) වන ශ්‍රේණියට, සීමිත තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් 104 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ, සීඝ්‍රයෙන් වෙනස් වන අධ්‍යාපන ක්‍රමවේද වලට අනුව මෙරට අධ්‍යාපනය ද දියුණු කොට, රටේ අනාගත පරපුර අනාගත අභියෝග සඳහා සූදානම් නොකරන්නේ නම්, ඔවුන් ඒ පිළිබඳව නියත වශයෙන්ම වත්මන් අධ්‍යාපන බලධාරීන් වෙත අනාගතයේ දී දොස් පවරනු ඇති බව ද අමාත්‍යවරයා මෙහි දි විශේෂයෙන් අවධාරණය කර සිටියා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, තවත් වසර කිහිපයකින් මෙරට තුළ නිර්මාණය වන්නේ නවතම රැකියා ධාරාවක් බැවින් එම රැකියා ධාරාවලට අනුකූලව රටේ වත්මන් අධ්‍යාපන ක්‍රමවේදය ද වෙනස් විය යුතු බවයි. ඒ අනුව තොරතුරු තාක්ෂණ විෂය සිසුන් වෙත අනිවාර්යය කිරීමට සහ එම විෂය සිසුන් වෙත තවදුරටත් සමීප කරවීම සඳහා නව තාක්ෂණික උපකරණ සිසුන්ගේ අධ්‍යාපන ක්‍රමවේදයට බද්ධ කරවීමේ සැලසුම් ද සකස් වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.
 අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විවිධ පිරිස් ගෙන යන ඇතැම් දේශපාලනික ප්‍රචාර වලට ඕනෑම යහපත් දෙයක්, අයහපත් දෙයක් බවට පත්කිරීමට පවා වර්තමානයේ දී හැකි වී ඇති බවයි. ඇතැම් පිරිස්, උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ කාර්යය ද අවියක් කොටගෙන සමාජ ජාලා ඔස්සේ අසත්‍යය ප්‍රචාර ගෙනයමින් සිය පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඊට දැඩි ලෙස පහර එල්ල කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක සහ අතිරේක ලේකම් සේනානි හේවගේ මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages