අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ’ දකුණු ආසියානු කලාපීය සම්මන්ත්‍රණය කොළඹ දී ඇරැඹෙයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ’ දකුණු ආසියානු කලාපීය සම්මන්ත්‍රණය කොළඹ දී ඇරැඹෙයි

Share This
දකුණු ආසියානු රටවල  අධ්‍යාපනයේ තිරසර සංවර්ධනය උදෙසා යුනෙස්කෝ සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව එක් ව ක්‍රියාත්මක කරනු ලබන ‘අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - දකුණු ආසියානු කලාපීය සම්මන්ත්‍රණය (SARSIE – South Asia Regional Symposium on ICT for Education) ඊයේ (27) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී ආරම්භ කෙරුණා.

ඉන්දියාව, නේපාලය, භූතානය, මාලදිවයින, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනයට අදාළ නිලධාරින් මේ සඳහා සහභාගි වන අතර ශ්‍රී ලංකාව සත්තාරක රට වශයෙන් ක්‍රියාත්මක වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම සමුළුව සම්බන්ධීකරණය කරනු ලබනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ
ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ යුනෙස්කෝ නව දිල්ලි අධ්‍යක්ෂ Shigeru Aoyagi මහතා විසින් මෙම සමුළුවේ සමාරම්භක දේශන පවත්වන ලද අතර, ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - අධ්‍යාපනික අභියෝග සඳහා විසඳුමක්යන තේමාවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මානව සහ සමාජ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ Sungsup Ra මහතා විසින් දේශනයක් පවත්වනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ප්‍රධාන සැලසුම සකස් කිරීම සඳහා උපදේශකත්වය සපයනු ලබන යුනෙස්කෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව පෙබරවාරි 27, 28 දෙදින තුළ ම  පැවැත්වෙන අතර,  මෙහිදී දකුණු ආසියානු රටවල අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධනය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණයේ ඵලදායී භාවිතය ආදී මාතෘකා සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි.



No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages