අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අද රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Share This
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිරුවෙන් තබා ඇති අතර සෙසු ආරක්ෂක අංශවල ද සහාය ලබා දීමට කටයුතු යොදා ඇත. අද දින ඇතැම් කඩාකප්පල්කාරීන් යම් ආකාරයේ සාපරාධි ක්‍රියා සිදු කර මහජනතාව කුපිත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරුවලින් හෙළි වී තිබේ.
මහනුවර ප්‍රදේශයට පමණක් යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ සාමාජිකයන් 3000ක පමණ ද ගුවන් හමුදාවද ආරක්ෂාවට යොදවා ඇති අතර‍ මේජර් ජෙනරාල්වරුන් වන රුක්මාල් ඩයස් මහතා සහ නිශ්ශංක රණවිර යන හමුදා නිලධාරීන් එම ආරක්ෂක කටයුතු බාරව කටයුතු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
පොලිසියේ හයසියයක පමණ පිරිසක් ද බුද්ධි අංශ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ද මේ සඳහා යොදා ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් සහ බුද්ධි අංශ කණ්ඩායම් ද යොදවා තිබේ.
මේ වන විට මහනුවර ප්‍රදේශයේසාමකාමි තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. ඊයේ දින එක් සිද්ධියක් පමණක පමණක් වාර්තා විය. ඊයේ ජෙරවරු වේ අවසන් කළ ඇදිරි නීතිය යළි ඊයේ පස්වරු 4ට පැනවිණි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages