දිනෙන් දින සමාජය තුළින් ගිලිහි යන මනුෂ්‍යත්වය රැක ගනිමින් සියලුදෙනාට සහෝදරත්වයෙන් ජිවත්විය හැකි සාමය සහ සමගිය අගයන රටක් ගොඩනැගීමට පුළුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට පැමිණෙනැයි තමා සමස්ත කාන්තා පරපුරටම ආරාධනා කරන බව ජනාධිපති පවසයි.
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නමිත්තෙන් ඊයේ (08) පස්වරුවේ පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති කාන්තා දින සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
“දියුණුවේ මංපෙත් හෙළි කරයි” ඇය සවිමත්, යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි.
ඉතිහාසයේ එක් එක් යුගයන් තුළ රට වෙනුවෙන් කාන්තාවන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ බව මෙහිදි සිහිපත් කළ ජනාධිපතිවරයා අද දවසේ ද මාතෘත්වය මුල්කරගත් කාන්තා පරපුරට හිමිව ඇති ප‍්‍රමුඛ වගකීම වන්නේ සියලු ජාතින් අතර සාමය සහ සමගිය ගොඩනගමින් සියලුදෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටක් ගොඩනැගීමට දායකවීම බව කියා සිටියේය.
මාතෘත්වය සහ කාන්තා අයිතින් පිළිබඳ රජය ඉතා වගකීමෙන් කටයුතු කරමින් කාන්තාවන්ට හිමිවිය යුතු සමාජ ගෞරවය මෙන්ම පිළිගැනීම ලබාදීමට කටයුතු කරන අතරම ඒ පිළිබඳ සමාජයේ සියලුදෙනා තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම රට වෙනුවෙන් විදේශ විනිමය උපයා දෙන සමස්ත කාන්තා පරපුරටම ජාතියේ ගෞරවය පුද කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.
මෙවර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද “සෙනෙහස” විශේෂ පුවත්පත් අතිරේකය ළමා හා කාන්තා කටයුතු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
කාන්තා ව්‍යවසායිකාවන් අගයමින් සම්මාන හා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු විය.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සහ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, දස සිල් මාතාවන් මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවීලාල් විජේවංශ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ කාන්තා සංවිධාන නියෝජිතවරියන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
No comments:
Post a Comment