මහනුවර කලහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ආපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකරන මහතා පැවසුවේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 81 සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ පොලිසිය විසින් පුද්ගලයින් 71 ක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 10 දෙනෙකුය. එසේම CID මගින් අත්අඩංගුවට ගනු ලැබු 10 දෙනා කොළඹට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු වේ.
අපට වාර්තාවන ආකාරයට CID මගින් අත්අඩංගුවට ගනු ලැබු 10 දෙනා අතර අමිත් ජීවන් වීරසිංහ නොහොත් මහසොහොන් බලකායේ ප්‍රධානියා වශයෙන් සමාජජාලවල සැරසරමින් ආගම් දෙකක් අතර මතභේද ඇති කරන පුද්ගලයෙකු ද සිටින බවයි.
රජයේ ඉහළ ආරංචි මාර්ග කියා සිටින්නේ අමිත් ජිවන් නැමැත්තාව මෙහෙයවන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට තවත් පොලිසිය විසින් අසමත්ව ඇති බවයි. මෙය හුදෙක් මහසොහොන් බලකාය විසින්ම මෙහෙයවන සිද්ධියක් නොවන බවත් මෙය යම් ඉහළ පෙලේ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන බවයි. නමුත් එම කණ්ඩායමට එරෙහිව තවමත් ක්‍රියාත්මක නොවිම පිළිබඳ ගැටළුවක් බවත් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය නොදීම සිටිම මෙහි එක් පැතිකඩක් බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටින්නේ.
අමිත් ජීවන් වීරසිංහ නොහොත් මහසොහොන් බලකායේ ප්‍රධානියා මේ අවස්ථාවේදී සමාජයේ පෙනී සිටින පුද්ගල චරිතයක් බවත් මීට පිටුපස සිටින්නේ කවුරුන්ද සොයා ගැනීමට පොලිසිය අසමත් වේ යැයි සිතිය නොහැකි බවත් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවිය පිළිබඳ සොයා බැලිය යුතු වේ.
ආණ්ඩුවට මෙහි පිටුපස සිටින සෑබෑ පුද්ගලයින් හෙළි කිරිමට නොහැකියාව කුමක් දැයි තවමත් පැහැදිලි නොමැත. නමුත් රටේ ක්‍රියාත්මක වු බුද්ධි අංශය මේ වන විට අක්‍රිය වීම පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් වනු ඇත. වහාම නැවත යළි බුද්ධි අංශය ක්‍රියාත්මක කළ යුතු බවයි එම ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment