ඔක්තොම්බර් 26 දින සිට සති තුනක් සමස්ත රට ම අස්ථාවර කරමින් ගෙන යන කුමණ්ත්‍රනය තෛනිකායික මහා සංඝරත්නයේ දැඩි දෝෂදර්ශනයට හා අප්‍රසාදයට පත්ව ඇති බව වාර්තාවේ.
26 දින ආරම්භ කළ රට අස්ථාවර කිරීමේ කුමණ්ත්‍රනයේ උච්ඡතම අවස්ථාව ඊයේ දින පාර්ලිමේන්තුවේ දී දිග හැරිමත් සමග උන්වහන්සේලා දැඩි කළකිරිමට පත්ව ඇති අතර, බෞද්ධ මුහුණුවරින් පෙනි සිටිමින් කරගෙන යන නින්දිත හැසිරිම් හා එවැනි හැසිරීම්වලට අනුබල දීම බුදුදහමේ කිසිදු ඉගැන්විමක අනුදත් ක්‍රියා පිළිවෙත නොවන බව පෙන්වා දි ඇත.
ඊයේ (16) දිනයේ පාර්ලිමේන්තුවේ මෛත්‍රි-මහින්ද පාර්ශවයේ හැසිරිම් රටාව මගින් වසර 2560ක් පුරා නිර්මල බුදුදහමින් පෝෂණය වු ශ්‍රී ලංකිකයින්ගේ ශිෂ්ඨත්වය සමස්ත ලෝක ප්‍රජාවට පාවාදුන්නේය. මන්ත්‍රිවරුන්ගේ අශිලාචාර හැසිරීම තුළ ඒ අය බෞද්ධ වේශයෙන් පෙනි සිටින මාර සේනාවක් බව හඳුන්වාදිය හැකි බවද මහා සංඝරත්නය පෙන්වා දෙයි.
එබැවින් බෞද්ධ වේශයෙන් පෙනි සිටිමින් රටම වනසන, විනාශ කරන කුමණ්ත්‍රනකාරී සැලැස්මක නිරත වන මෛත්‍රි-මහින්ද ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍ර විරෝධි මන්ත්‍රිවරුන්ගේ හැසිරීම වහාම නවතා දමා සැබෑ බෞද්ධයින් ලෙස සාකච්ඡාවෙන්, සංහිඳියාවෙන් හා එකඟතාවයෙන් කටයුතු කරන මෙන් තවදුරටත් මහා සංඝරත්නය ඉල්ලා සිටින බව වාර්තාවේ.
No comments:
Post a Comment