ශ්‍රී ලංකාවේ විනයගරුක ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයක් සමාජය තුළ පවති. රට තුළ ඇතිවන දේශපාලනික ඝට්ටනයන්ට මැදිහත් නොවි ඉතා ප්‍රසංසනීය ලෙස එවැනි ගැටුම් මර්ධනයෙහිලා ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කිරිම අගය කළ යුතුමය. ඔක්තොම්බර් 26 දින සිට මේ දක්වා ආරක්ෂක අංශ ඉතා විමසිල්ලෙන් හා ඕනෑකමින් තමන්ට පැවරුණ සෑම රාජකාරියක්ම අකුරටම ඉටු කරන ලදී.
ඊයේ දිනයේදි නිරායුධ පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අශිලාචාර මන්ත්‍රිවරුන්ගේ පුටු ප්‍රහාර, මිරිස්කුඩු ප්‍රහාර හා ජල ප්රහාරයන්ට ලක්විය. එපමණක්ද නොව ප්‍රසන්න රණවීර නැමති පාදඩ දේශපාලඥයා විසින් එක් පොලිස් නිළධාරී මහත්මයෙක්ගේ කණට ගසනු ලැබීය. එය මෙරට මෙන්ම විදෙස් මාධ්‍යද ඉතා පිලිකුලෙන් යුතුව වාර්ථා කරනු ලැබීය. නිතීය හා සාමය ආරක්ෂා කරන්නට කටයුතු කරන පොලිස් නිලධාරින් ඉදිරිපිට ලොවක් බලා සිටියදී මෛත්‍රි-මහින්ද ජුන්ටාව හා ඒ වෙනුවෙන් පෙනි සිටින බල ලෝභි මන්ත්‍රින් රැළ වනචාරීන් ලෙස හැසිරීම සමස්ථ ආරක්ෂක අංශම කළකිරවන තත්ත්වයකට පත් කරවන්නට හේතුවකි.
ඇතැම් ආරක්ෂ ප්‍රධානින්ගේ මුවින් පිටවුයේ මෙවැනි තිරිසන් රැළක් ආරක්ෂා කිරිමට සිදුවිම තම රාජකාරි ජිවිතය තුළ ලැබු අමිහිරි අත් දැකිමක් බවය. එය පාර්ලිමේන්තුවේ සිටි මාධ්‍යවේදීන්ද වාර්ථාකරනු ලැබූයේ ඉමහත් කණගාටුවෙනි. තමන්ට රැකිමට සිදුව ඇත්තේ තම දුවා දරුවන්ගේ අනාගතය ද උගසට තම වනචාරින් පිරිසක් බව ඇතමුන්ගේ මතයයි. රාජකාරි හමාරවි නිවසට ගිය විට තම දුවාදරුවන්ගේ පවා හාස්‍යට ලක්වන අතැම් ආරක්ෂක නිලධාරින් සිටි. ඒ තරමට මෛත්‍රි-මහින්ද ජුන්ටාව තමන් ආරක්ෂා කරන මුරදේවතාවන් අපහසුතාවයට හා ලැජ්ජාවට පත් කර හමාරය.
No comments:
Post a Comment