ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියට ජීවිත තර්ජනයක් ඇතැයි පැවසු ඉන්දියානු ජාතිකයා මානසික ආබාධයකින් පෙළෙන්නකු බව වෛද්‍ය වාර්තා මගින් සනාථකර කර ඇතැයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් තොරතුරු දැන එය වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මාර්සලි තෝමස් නමැති මෙම ඉන්දියානු ජාතිකයා මේවනවිට රිමාන්ඩ් භාරයට පත්කර සිටියි.
අංගොඩ ජාතික මානසික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එම වෛද්‍ය වාර්තාව මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් එය නොපමාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ඉන්දීය ජාතිකයා සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා කායික, මානසික හා විකලාංග වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිට ඉහතදී අධිකරණයේ අවසරය ලබාගෙන තිබිණ.
මොහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම පුද්ගලයා ගැන දුන් තොරතුරුවල ද සඳහන් වන්නේ, මෙම පුද්ගලයා 2000 වසරේ සිට යම් මානසික රෝගයකින් පෙළෙන බවට සිය රටේ වාර්තාවල සඳහන් වන බවයි.
No comments:
Post a Comment