ඔත්තොම්බර් 26 වෙනිදා රට අස්ථාවර කර මේ වන විට මාසයකට ආසන්න වෙමින් පවති. පල්ලේවත්ත ගමරාළ හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනා විසින් නිදහස් ලංකාවේ ආණ්ඩුවක් රටට කරන ලද තුප්පැහිම නස්පැත්තිය මේ වන විට කර හමාරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගරුතර ස්වාමීන් වහන්සේලා ප්රමුඛ පුජක පක්ෂය, රාජ්‍ය අංශයේ නිලධාරීන්, ආරක්ෂක අංශයන්හි නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව සිරා-මරා ජුන්ටාව දැඩි ලෙස විවේචනයට ලක් කරන්නටත් පිළිකුලෙන් හෙලා දකින්නටත් ප්‍රසිද්ධියේම පෙරමුණ ගෙන සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව බුද්ධි අංශ හරහාම තොරතුරු එමින් බවති.
මෛත්‍රි-මහින්ද ජුන්ටාව ජනතාව මුළා කිරිමට ගෙන සියළුම බොරු ප්‍රචාර අසත්‍ය වී හමාරය. ගොඨාභය හා බැසිල් රාජ්‍ය බුද්ධි අංශ වාර්තා හොඳින් නිරීක්ෂණය කර ඇත. එබැවින් කිසිදු ප්‍රකාශයක් නොකිරිමට වග බලාගෙන ඇත.මෙවැනි පසුබිමක් තුළ කිසිදු මැතිවරණයකට යාම කිසිසේත් සුබවාදී නොවනු ඇතැයි මහින්ද පාර්ශවයේ ඇමතිවරුන් ප්‍රසිද්ධියේම කියන තත්ත්වයක් උදාවී ඇත.
මේ පසුබිම තුළ මහින්ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර, නොබෝ දිනකින් සිය ඊනියා අගමැති ධුරය අතැර යනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වේ.
No comments:
Post a Comment