මහින්ද රාජපක්ෂ පවුල් දේශපාලනය අරම්භ කිරිමත් සමග මෛත්‍රි-මහින්ද සීතල යුද්ධය ඇරඹි ඇතැයි ජනපති මන්දිරයෙන් වාර්තාවේ. එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ජනපති සිරසේන විසින් තමන්ට නොදන්වා කිසිදු ආයතන සභාපති වරයෙකු පත් නොකරන ලෙස එම චක්‍ර ලේඛයෙන් දන්වා ඇති බවයි.
හදිසියේ එවැනි චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත්තේ ලංකා හොස්පිට්ල්ස් හී සභාපතිවරයා ලෙස අද (22) වැඩභාර ගැනීමට ගිය ලක්ෂ්මන් හුළුගල්ල මහතාව ජනාධිපති සිරිසේනගේ දැනුම්දීමක් මත වහාම ආපසු හරවා යවා ඇති පසුබිම යටතේය.
රාජපක්ෂ පවුලේ ඉතා කුළුපගු හිතවතෙකු වන ලක්ෂ්මන් හුළුගල්ල අද ලංකා හොස්පිට්ල්ස් වෙත ගොස් ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු සිදුකළ දැනුම්දීමක් මත වන අතර ඒ අනුව සභාපති ධූරය ලබාගැනීමට නියමිතව තිබී ඇත.
ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට නාලක ගොඩහේවා පත්කිරීම, කපිල චන්ද්‍රසේන වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිත්වයට පත්කිරීම යන අවස්ථා සම්බන්ධවද ජනාධිපති සහ මහින්ද පාර්ශවය අතර ගැටුම් සහගත තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වෙයි.
ඒ අනුව, තම හිතෛසී මහින්දට ද චක්‍ර ලේඛ මගින් තම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට ගමරාළ උත්සහගෙන ඇති බව අගමැති කාර්යාලය ද සනාථ කර ඇත.

ඇතැම් විචාරකයින් කියන්නේ මහින්දගෙන් ගිළිහෙන ඡන්ද පදනම දඩයම් කිරිමට ජනපති දැල දමමින් සිටින බවයි.
No comments:
Post a Comment