රාජ්යෙ දේපල අවභාවිත කිරිම සම්බන්ධව ගොනු කර ඇති මහින්ද පාර්ශවයට අදාල නඩු කිහිපයක් හදිස්සිකර ඇත - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රාජ්යෙ දේපල අවභාවිත කිරිම සම්බන්ධව ගොනු කර ඇති මහින්ද පාර්ශවයට අදාල නඩු කිහිපයක් හදිස්සිකර ඇත

Share This

කුමණ්ත්‍රනකාරි ලෙස අගමැති ධුරය ලබාගත් මහින්ද රාජපක්ෂගේ සහෝදරයන්ට හා පුතා නාමල්ට මෙන්ම විමල් වීරවංශගේ බිරිදට හා ජොන්ස්ටන් හිටපු ඇමතිවරයාට එරෙහිව විවිධ පාර්ශයන් පවරා ඇති නඩු විභාග කිරීමට ඉතාමත් හදිසියෙන් පියවර ගෙන ඇත.

නාමල් රාජපක්ෂ කොට කලිසමක් ද ඇදගෙන ඔක්තෝම්බර් 26 දින රාත්‍රියේම එෆ්සීඅයිඩී පරිශ්‍රයට ගොස් ආපසු එන අයුරු රටම දුටුවේය. එසේම ඇතැම් නඩු ගොනු හා ලියවිලි සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවන ලද බව ජනපතිවරයාද ප්‍රකාශ කළා. ජනපතිවරයා මහින්ද රාජපක්ෂලා වෙනුවෙන් පෙනි සිටින අවස්ථාවක මෙසේ නඩු ඇසීම හදිසි කිරීම  තවත් කුමණ්ත්‍රනයක් බව හෙළිවෙමින් පවති.
නිතී විශාරදයෝ මේ පිළිබඳව  සිය මවිතය පල කරයි.

·         2018 නොවැම්බර් 20 - සිරිලිය සවිය යටතේ පැවති ඩිෆෙන්ඩරයක් තාජුඩීන් ඝාතනය සඳහා යොදාගෙන
ඇති බවට නිතීපති දෙපාර්තමේන්තුව කරන ලද හෙළිදරව්ව සම්බන්ධ විභාගය
·         2018 නොවැම්බර් 26 - දිවි නැගුම අරමුදලට අයත් රුපියල් කෝටි 299ක් ඉකුත් ජනාධිපතිවරණය සමයේ
සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහි නඩුව
·         2018 නොවැම්බර් 30 - පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල්
මිලියන 30ක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරණ ලද නඩුව
·         2018 දෙසැම්බර් 04 - ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් ලක්ෂ 339ක් සාවද්‍ය
පරිහරණය හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නිතීපති පැවරු නඩුව ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේදී විභාග කිරීම
·         2018 දෙසැම්බර් 04 – 2014 වර්ෂයට අදාල වත්කම් බැරකම් සාවද්‍ය ලෙසින් ඉදිරිපත් කිරීම සම්බන්ධව
ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව
·         2018 දෙසැම්බර් 11 - විමල් වීරවංශගේ බිරියට එරෙහි ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීමේ නඩුව
·         2019 ජනවාරි 23 -    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය නැමති වෘත්තීය සමිතියට අයත් මුදල් ලක්ෂ
ගණනක් වංචා කිරිම සම්බන්ධව නිතීපති වරයා විසින් මහින්දානන්ද අලුතත්ගමගේට එරෙහිව ගොනු කළ නඩුව
·         2019 පෙබරවාරි 11 - මහජනතාවගේ සාමකාමි පැවැත්ම අවහිර  කිරිම පිළිබඳ විමල් වීරවංශ ඇතුළු
හයදෙනෙකුට පවරා ඇති නඩුව
·         2019 පෙබරවාරි 19 - ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම
මගින් රජයට රුපියල් කෝටි 1140ක් පාඩු කිරීම සම්බන්ධව අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව පැවරු නඩුව
·         2019 මාර්තු 07 -       පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල්
මිලියන 15ක් එන් ආර් කන්සල්ටන් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරණ ලද නඩුව
අවධියෙන් සිටින්න... නිතීයේ ආධිපත්‍ය ආරක්ෂා කරන සියළු දෙනා සුරකිමු.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages