දේශපාලන අස්ථාවර භාවය දිගින් දිගටම රට තුළ පවතින්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව කථානායකට ජනාධිපති විය හැකි බව අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පෙන්වාදීමත් සමග නිතී විශාරදයෝ ඒ පිළිබඳව අවධානය යොදවමින් සිටී.
රට අස්ථාවර නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කථානායකවරයාට අගවිනිසුරුතුමා අමතමින් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ හැක. එවැනි අවස්ථාවක අගවිනිසුරුතුමා රට අස්ථාවරවීමට කරුණු සොයා බැලීමට බැඳි සිටින අතර, චේතනාන්විතව ජනපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් අගවිනිසුරුවරයාට තීන්දුවක් දිය හැකි බවට තොරතුරු අනාවරණයවේ.
No comments:
Post a Comment