හිටපු ජනපති කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදට (නොවැම්බර් 18) යෙදි ඇත. මෙවර අක(ග)මැති ලෙස උපන් දිනය සමරයි. 1945 නොවැම්බර් 18 උපන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ ලෙස 72 වෙනි උපන් දිනය අද සමරයි. මෛත්‍රි ජනපති සමග එක්ව මුළු රටම කුජිත කර අදට සති තුනකි. මහින්දට 18ට 19 වුවා නම් එන සදුදා පාර්ලිමේන්තුවේදීම උපන් දින කෙක් එකක් කපලාම වැඩ ඇල්ලීමට තිබුණා. නමුත් මහින්දගේ අවාසනාවට රටේ වාසනාවට 18 නිවාඩු දිනයක්. ඒත් නඩය අද මහින්ද සමග රට අස්ථාවර කිරිමේ සතුටත් සිත්හි දරාගෙනම සුභ උපන් දිනයක් කියලා කෙක් කපනු ඇති බව ගොසිප් වෙත වාර්තාවේ.
මේ අතර, රට වැසියන් මහින්දගේ උපන් දිනය අමුතුම ආකාරයකට හෙට සවස් කාලයේ සමරන්නට සුදානම් වන බවද වාර්තාවේ. මෛත්‍රි සමඟ එක්ව දැනට සති තුනක් රට අරාජික කිරිමේ සතුටත් පෙරටු කරගෙන, මහින්දට හෙණ ගහපන් කියා පොල් ගෙඩියක් ගහන්නත්, උද්ඝෝෂණ කරන්නත්, කළු කොඩියක් ඔස වන්නත් රට වැසියා පෙරමුණ ගෙන ඇත.
ගෞරවාන්විත පුරවැසියකු ලෙස රට වැසියාගෙන් බුහුමන් ලැබිය යුතු හිටපු ජනපතිවරයෙක් ප්‍රදේශිය සභා මන්ත්‍රිවරයකුටත් වඩා පහත් හා නින්දිත ලෙස හැසිරීම හේතුවෙන් සිය ආත්මය ම විනාශ කරගෙන ඇත. අවශ්‍ය පමණට වඩා ගෞරවය, ධනය හා බලය පසු පස හඹාගෙන යන කොයිකාටත් මහින්ද රාජපක්ෂට අද අත්වන ඉරණම අත්වනු නියත බව දේශපාලක විචාරකයෝ පවසති.
හෙට මහින්ද රාජපක්ෂගේ නඩය මහින්දගේ උපන් දිනය සමරන ආකාරයත්, රටේ ජනතාව විරෝධතා දක්වමින් මහින්දගේ උපන් දිනය සමරන ආකාරයත් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගත හැකි බව වැඩි දුරටත් වාර්තාවේ.
No comments:
Post a Comment