ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීමට හා ධාරිතාව වැඩි කිරීම යන කොන්ත්‍රාත්තු දෙකම චීනයට - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීමට හා ධාරිතාව වැඩි කිරීම යන කොන්ත්‍රාත්තු දෙකම චීනයට

Share This
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නෞකාවල සිට ගොඩබිම දක්වා බහළු මෙහෙයුම්ක සිදකිරිමට අවශ්‍ය දොඹකර තුනක් වරයා අධිකාරියේ අරමුදල් යොදවා මිලදි ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 25.7ක මුදලකට සීමාසහිත ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩ්‍රස්ටීස් සමාගමට පවරා ඇති අතර එම පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා වරාය අධිකාරියේ අරමුදල් යොදවා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තුවද චීන වරාය හා ඉන්ජිනේරු සමාගමට පැවැරීමටයි කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ.
මෙම යෝජනා දෙකම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages