ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික ලාල්කාන්ත මහතා පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීමට නම් වහාම ආණ්ඩුවක් පිහිටු වන ලෙස අවධාරණය කළේය. ඊයේ (10) අංශක 360 දේශපාලන වැඩසටහනට සහභාගීවෙමින් මේ බව ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.
ජනපතිට ඡන්දයකට යාමට අවශ්‍ය නම් රනිල් අගමැතිව සිටිය දී ඡන්දයකට යාමට ඉඩ තිබූ බවත්, මහින්දට හොර රහසේ අගමැතිකම ලබා දී බහුතරය පෙන්වා ගන්න බැරි තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි බවත් ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
මහින්ද රාජපක්ෂට එරෙහි දේශපාලන විවේචනය අදත් එලෙසම ඇති අතර, නැවත නැවතත් මහින්ද දේශපාලනික ලෙස පරාජය කිරිමට අවශ්‍ය ජනමතය ගොඩනැගිමට ජවිපෙ පෙරමුණ ගන්නා බවද අවධාරණය කළේය.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ බහුතරයට අවනත වී ජනපතිවරයා කටයුතු කළ බව ලාල් කාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
No comments:
Post a Comment