ජී.එල්ගේ ප්‍රකාශයට පොහොට්ටුවේ පසු පෙළ කැළඹේ - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජී.එල්ගේ ප්‍රකාශයට පොහොට්ටුවේ පසු පෙළ කැළඹේ

Share This


පොදුජන පෙරමුණ ඊයේ හවස සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජනපති සිරිසේනට හොද ටොක්කක් ඇණ ඇති බව වාර්තාවේ.

වාර්තා වන අන්දමට, රාජ්‍ය මුල්‍ය සම්බන්ධව කිසිඳු පියවරක් ගැනීමට විධායක ජනාධිපතිට නොහැකි බව පීරිස් මහතා පවසා ඇත.

ව්‍යවස්ථාව අනුව මුදල් අමාත්‍යවරයෙකු නොමැතිව අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත කල නොහැකි බවත් එබැවින් නීත්‍යානුකුල ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යාවශ්‍ය බවද ඔහු පවසා තිබේ.

ඒ අනුව 2019 වසර තුළ රාජ්‍ය ආයතන පද්ධතිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි බවද ඔහු පිළිගෙන තිබේ.

ජනපති සිරිසේන අමාත්‍යාංශ ලේකම්වරුන් සමග ආණ්ඩුව පවත්වාගෙන යාමට දරණ උත්සහය සාවද්‍ය බව ද පිරීස් මහතා පෙන්වා දී ඇත.

කෙසේ නමුත් නීති විශාරදයකු වන ජී.එල්. පීරිස් මහතා හදිසියේ මෙවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න දේශපාලන විශ්ලේෂකයෝ සැක පහල කරනවා.

නමුත්, නීතිය ගැන දන්නා ජී.එල්. අධිකරණ තීන්දුව සක් සුදක් සේ දනී. 13 හො 14 දින ලැබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, තම ආදරණීය නායක මහින්දට අත් වන ඉරණම දන්නා ජී.එල් හිතා මතාම සිරිසේන ජනපති අනීතිකව රට පාලනය කරන බව මෙතුළින් ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සහ කර ඇත.

එසේ වුවත් ජී.එල්ගේ ප්‍රකාශයෙන් ජනපතිට පමණක් නොව මහින්දට  ද ටොක්කක් ඇන්න බව මහින්ද පිළේ පසු පෙළ මන්ත්‍රීන් තරමක් උරණව ප්‍රකාශ කළ බවද වැඩි දුරටත් වාර්තාවේ.

සියළු පව් සිරිසේනගේ පිටින් යවන්න මහින්ද සිය අන්තේවාසිකයින් මෙහෙයවන ආකාරය දැන් හොදටම පැහැදිළිය...

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages