ජනපතිගේ දෙවැනි කුමන්ත්‍රණය හෙළිවේ.... තිරය පිටුපස මහින්ද - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපතිගේ දෙවැනි කුමන්ත්‍රණය හෙළිවේ.... තිරය පිටුපස මහින්ද

Share This

ජනපති සිරිසේනට දේශපාලන ස්ථාවරභාවයක් ඇති කර රට යථා තත්ත්වයට පත් කරන්නට සිහිනයක් හෝ නොමැති පුද්ගලයකු බව ඊයේ  (16) දිනයේ එජාපෙ සියළුම නායකයින් හා මන්ත්‍රිවරුන් අභියස ප්‍රදර්ශනය කළේය.

රටක ජනපති මෙවැනි අවස්ථාවක ජාතිය අමතන විට ජාතිය හමුවේ ඉදිරියේදී ඉටු කරන වැඩ කොටස සම්බන්ධව නව දැක්මක්, ප්‍රතිඥ්ඥාවක් දිය යුතුය. එය සමස්ත ජාතියම අවදි කරවන ප්‍රකාශයක් විය යුතුය. අවාසනාවට ඇත්ත කථාව නම් ජනපතිට දැක්මක් හෝ නිවැරදි ගමන් මඟක් නොමැත්තේය. එකම අභිප්‍රාය රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ කකුලෙන් ඇඳීම බව ලොවටම හඞ නගා කිවේය.

ඊයේ දින ජාතිය අමතා කළ ප්‍රකාශයේ සැබෑ ස්වරූපය මේ වන විට ජනපති විදහා දක්වමින් සිටී. ඒ තමන් යටතට තීරණාත්මක අමාත්‍යාංශ කිහිපයක් ලබා ගැනීම හරහා දියත් වන කුමන්ත්‍රණයකි. වාර්තා වන අන්දමට,  ජනමාධ්‍ය අමාත්‍යංශය සහ නීතිය හා සාමය අමාත්‍යංශය අමාත්‍යංශය තමා සතුව තබා ගන්නට සිරිසේන ජනාධිපති උත්සාහයක සිටින බව වාර්තා වෙයි.

පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන‌යේ 51 වගන්තිය අනුව ජනාධිපතිවරයාට තබා ගත හැක්කේ රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසරයට අදාල අමාත්‍යාංශ පමණක් වන අතර  ඒ උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමට සිරිසේන ජනාධිපතිට නොහැකි අතර ඊට එරෙහිව වෘත්තිකයන් පිරිසක් නිතිය හමුවට යාමට සුදානම්වේ.  

ජනමාධ්‍ය සහ නීතිය හා සාමය අමාත්‍යාංශ තමන් යටතට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම අඩපන කර මහින්ද හා හොර නඩය නැවත වරක් රකින්නට මෛත්‍රි සැරසෙයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට ගෙන තම හෙන්චයියං ලවා  ජනතාවගේ  ඔළු වෙනස් කිරීමේ පහත් මාධ්‍ය භාවිතයකට ජනපති සැරසෙයි.

දින 50 ක සටනකින් පසුව නැවත ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගෙන 51 වෙනි දිනයේ සිට දිනු ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්ට වෙර දරණ කෘතහස්ත ජනතාව පමණක් නොව ඒ වෙනුවෙන් පෙනි සිටින සමස්ථ සංවිධාන සියල්ලම, ඉහතින් පෙන්වා දඅන් අමාත්‍යාංශ තමන් වෙත පවරාගෙන ක්‍රියාත්මක කරන්නට උත්සහ දරණ  ජනපතිගේ අර්ධ ඒකාධිපති පාලනය වළකා ලීමට එකාවන්ව පෙළ ගැසිය යුතුමය.

නැවත වරක් විධායකය හා ව්‍යවස්ථාධායකය අතර ආරවුලක් ඇති කර මැතිවරණයකට ගොස් කෙසේ හෝ රාජපක්ෂවරුන්ට පාලන බලය ලබාදීමේ මෛත්‍රි උපාය පරාජය කළ යුතුමය. ශ්‍රේෂ්ඨාධිකරණය කෙසේ තීරණය කළත් වහාම මැතිවරණයකට ගොස් ජනතාවගේ කැමැත්ත අනුව, නව ආණ්ඩුවක් පත් කර ගත යුතුය යනුවෙන් ඊයේ දිනයේද කීවේ මේ අදහසමය.

මහා මැතිවරණයකට ගොස් ඡන්ද මංකොල්ලයකින් හෝ බලය ලබාගෙන මහින්ද අගමැති කර, ඒ ආශිර්වාදයෙන් නැවත ජනපති වීමේ දෙවැනි කුමන්ත්‍රණය ජනපති ඊයේ දිනයේම ආරම්භ කළේය. පක්ෂ භේදයකින් තොරව ජනපතිගේ දෙවැනි කුමන්ත්‍රණය ද පරාජය කළ යුතුව ඇත.

2015 ජනවාරි 08 සිටි ජනපති සිරිසේන අතුරුදහන් වී ඇත. නැතහොත් අතුරුදහන් කර ඇත.

මහින්දගේ 2025 නාමල් රාජපක්ෂ ජනපති කිරීමේ ක්‍රියාන්විතයට පාර කපන සිරිසේන-මහින්ද හවුල පැරදවිය යුතුමය.

මහින්ද රාජපක්ෂද මහා මැතිවරණය ජය ගන්නාතුරු සිය සහෝදර සමාගමේ සහයෝගය ලබාගෙන, ජනපති වරණයේදී ඝෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය නොදි නැවත සිරිසේන ජනපති තම ජනපති අපේක්ෂකයා කිරීමේ රහසිගත සැලැස්ම ද අපි අද සිටම ඔබට හෙළිකරන්නේ ඒ පිළිබඳව තොරතුරු දත් මහින්දගේම හිතවතකු කළ හෙළිදරව්වක් අනුව බව නොබියව ප්‍රකාශ කරන්නෙමු.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages