රට ගොඩගන්නට යැයි පවසමින් හොර රහසේ ම අගමැතිකම ලබා ගත් මහින්ද රාජපක්ෂ හා ඊනියා කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ලක්ෂ 40ක් වන පාසල් සිසුන්ට නිල ඇඳුම් මිලදී ගැනීම සඳහා වු වවුචර් පත් ලබා නොදීම නිසා දෙමාපියන් දැඩි දුෂ්කරතාවයකට මේ වන විටත් මුහුණ දී සිටී
කෙසේ වුවත්, අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන පළමුවෙන්ම අවධානය යොමු කළ කාරණය වුයේ නිල ඇඳුම් සඳහා ලබාදෙන වවුචර් පත් නව පාසල් වාරය ආරම්භයේදීම සිසුන්ට ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමිනි.
එපමණක් නොව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවික්‍රම මහතා ද පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා වහාම මුදල් ලබා ගැනීමට එම කාරණය අතුරු සම්මත ගිණුමට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
No comments:
Post a Comment