මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රින් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැර පොදුජන පෙරමුණෙහි සමාජිකත්වය පසුගිය නොවැම්බර් 11 දින ලබා ගත්තේය. එය මුළු රටම දන්නා කාරණයකි.
ඒ සඳහා ඉතා පුළුල් මාධ්‍ය ආවරණයක් ද මහින්ද රාජපක්ෂ මාධ්‍ය ජුන්ටාව ලබා දෙන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව, තම පක්ෂය අතැර වෙනත් පක්ෂයක සමාජිකත්වය කිසියම් මන්ත්‍රිවරයකු ලබා ගන්නේ නම් ඔහුගේ මන්ත්‍රිධුරය අහෝසි වන බව පැහැදිළිවම දක්වා ඇත.
ඉහතින් දක්වන ලද ආකාරයට මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් ශ්රීලනිපය හැර පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගත් නිසා කතානායකවරයා තවදුරටත් එම මන්ත්‍රි කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස නොසැළකිය යුතුය යනුවෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අද (19 දින ) කතානායකවරයා වෙත විශේෂ ඉල්ලිමක් බාරදි ඇත.
දයා ගමගේ, ආශූ මාරසිංහ, සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු මන්ත්‍රිවරුන් නව දෙනෙකුගේ අත්සනින් එම ඉල්ලීම කතානායකවරයා වෙත බාරදි ඇත.
No comments:
Post a Comment