ග්රෑන්ඞ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ (26) සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන්නේ බ්ලූමැන්ඩල් සංඛ නමැත්තායි. ඔහු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාරිය 45 වන වියේ පසුවන්නියක් බවයි. ඇය පමුණුගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවද හෙළි වී තිබෙනවා. ඇය පිළිබඳ තවත් තොරතුරු කිහිපයක් ද විමර්ශනවලින් හෙළි කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය දම්මිකා නිල්මිණී නැමැති තැනැත්තියක් බවත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු හෙවත් වෙඩි තැබීම සිදුකරන ලද පුද්ගලයා වන බ්ලුමැන්ඩල් සංඛ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරිඳ ලෙසට හඳුනාගෙන ඇති බවත් සඳහන් කළා. ඊයේ (26) සවස අදාළ සැකකාරියගේ නිවසට පොලිස් නිලධාරීන් ගොස් තිබුණේ ප්‍රධාන සැකකරු ඇයගේ නිවසට පැමිණ සිටි බවට ලැබුණු තොරතුරකට අනුව බවද පෙන්වා දුන්නා. එහිදී සැකකරු අපරාධය සිදු කිරීමට පැමිණි අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකතනය සැකකාරිය විසින් පුලුස්සා දමමින් සිට ඇති බවත් එහිදී අඩක් පිළිස්සුනු එම සාක්ෂි පොලිස් භාරයට ගත් බවත් පැවසුවා. ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදු කිරීමට ආධාර අනුබලදීම සහ සාක්ෂි වසන් කිරීමට කටයුතු කිරීම ආදී වරදවල් නිසා බවද සඳහන් කළා.
මෙම සැකකාරිය ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් ද සොයාගත් බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
No comments:
Post a Comment