නව ආණ්ඩුවේ අමාත්‍යංශවල විෂය පථයන් මෙතෙක් ගැසට් නොකිරීම නිසා සිය අමාත්‍යංශවල කටයුතු කිරීම අපහසු වී ඇතැයි අමාත්‍යවරුන් පවසනවා.
අමාත්‍යංශ යටතේ ඇති ආයතන මොනවාද සහ තමන්ට පැවරී ඇති කාර්ය, කර්තව්‍ය හා වගකීම් මොනවාදැයි නිශ්චිත නොවීම ඊට හේතුවයි.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් 20 වැනිදා දිවුරුම් දුන්නා. මුලින් ප්‍රකාශ කෙරුණේ ඉකුත් සඳුදා වනවිට අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් කෙරෙනු ඇති බවයි. එහෙත් මේ දක්වාත් එම ගැසට් නිවේදනය නිකුත් කර නැහැ.
ඒ ඒ අමාත්‍යංශයේ විෂය පථයන් කෙසේ විය යුතුදැයි යෝජනා කරමින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබෙනවා. ඒ ඒ අමාත්‍යංශය යටතට පැවරිය යුතු ආයතන සහ ඒ ඒ අමාත්‍යංශවල කාර්ය, කර්තව්‍ය හා වගකීම් ඊට ඇතුළත්. අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් කිරීම ජනාධිපති අනුමැතියෙන් සිදු කළ යුතු වනවා. කෙසේවෙතත් මේ දිනවල ජනාධිපතිවරයා සිටින්නේ විදේශගතවයි.
මේ පළිබඳ අප කළ විමසීමකදී දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපතිතුමන් විසින් තවදුරටත් මේ ආකාරයෙන් කල් මරමින් රට ආර්ථික අගාදයටත් අස්ථාවරබාවයටත් ඇදයමින් සිටින බවත් මෙලෙස කල් මරමින් හුදු දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම ජාතිමාමක නායකයෙක් විසින් සිදු නොකළ යුත්තක් බවත් වැඩි දුරටත් ප්‍රකාශ කලා
No comments:
Post a Comment